ගෙදර ගියෝත් සිරා නසී…මග හිටියත් සිරාම නසී…. ජනවාරියේ මරණ මංචකයට පෙර සිරිසේනගේ පවු හෝදයිද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

ගෙදර ගියෝත් සිරා නසී…මග හිටියත් සිරාම නසී…. ජනවාරියේ මරණ මංචකයට පෙර සිරිසේනගේ පවු හෝදයිද?

පළාත් පාලන මැතිවරණ දිගින් දිගමට කල්දමමින් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත්තද ලබන වසරේ මුල් කාර්තුවේ අනිවාර්යයෙන්ම පළාත්සභා දෙකක මැතිවරණය පැවැත්විමට සිදුවන බවත් එයට මුහුණ දිමට තමන් හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලෙන් අල්ලාගත් ජනතා පදනමක් නොමැති බෙදුම්වාදී සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලනිප බත් බැලයන් හමුවේ පවසා තිබේ.පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හමුවි සිරිසේනගේ කුජීත් අමාත්‍යවරුන් මහින්දගේ සහය සිරිසේනට ඉල්ලා සිටිම පසුපස ඇති ප්‍රධාන හේතුවද මෙය බව මේ වනවිට තහවුරු වි තිබේ.

දැවැන්ත පරාජයක් ලබන බව දන්නා සිරිසේන ජනාධිපතිවරයා දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්දැමිම සදහා කටයුතු කල අතර ඊට අමතරව මහින්දගේ නායකත්වයෙන් ගොඩනැගෙන පක්ෂ සහ සිවිල් සංවිධාන ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක විමත් හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස මානසික පිධනයකට ලක්කිරිමට සමත්ව ඇති බව සිරිසේනගේ ඇම කල්ලියේ සමාජිකයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

මෛත්‍රී පිළේ බත් බැලයන් දෙකඩ වේ…

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දි සිටින වත්මන් අර්බුදය හමුවේ ශ්‍රීලනිප මෛත්‍රී පිළ දෙකඩ වි තිබේ.එම දෙකඩ විම උච්චතම අවස්ථාව පසුගිය සතියේ වාර්තා වු අතර මෛත්‍රීගේ ඇම කණ්ඩායම ඒකාබද්ධයේ පිරිසක් හමුවිම මෙම උග්‍ර අර්බුදයට හේතු වි තිබේ. මෛත්‍රී පිළේ අනෙකු කණ්ඩායමේ අදහස වි ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරහැර දමා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කර ආණ්ඩුව ආරක්ෂා කිරිමට ජනාධිපතිවරයා කටයුතු කලයුතු බවයි.

කෙසේවෙතත් එම ඉල්ලිමට සිරිසේන ජනාධිපතිවරයා එකගතාව පලකර නොමැති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වි ගියහොත් එම පාපයෙන් කිසිදු දිනක තමන්ට ගැලවිමට නොහැකි වනු ඇති බවයි සිරිසේන ජනපති පෙනවා දි ඇත්තේ.කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ලබාදිමට කටයුතු කිරිම නුවණට හුරු වැඩක් බවත් ඒ හරහා ජනාධිපතිවරයාගේ බලය පවත්වාගෙන යෑමට හැකියාව ඇති බවයි.නමුත් ශ්‍රීලනිපයේ අනික් කල්ලිය පෙන්වා දි ඇත්තේ ශ්‍රිලනිප සභාපති කම මහින්දට දිමට වඩා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මැතිවරණ සදහා තරගකර ශ්‍රීලනිපය දියවිමට ඉඩ හැරිම නුවණට හුරු කියාවක් ලෙසයි.

මේ අතර දේශපාලන අර්බුද,රටේ ප්‍රශ්ණ ආර්ථික ප්‍රශ්ණ මෙන්ම විශාලතම ප්‍රශ්ණය වි තිබේන ජනතා බලයක් නොමැති පක්ෂයක් සමග මැතිවරණයකට මුහුණ දිම ඇතුලු අධික මානසික ගැටලු රැසක් හේතුවෙන් මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විටින් විට  ඔහුගේ කුඩා බඩවැල් ආශ්‍රිතව ඇතිව ඇති පිළිකා රෝගී තත්ත්වය මතුවෙමින් තිබේන බවද අනාවරණය වි තිබේ.

අප මින් පෙර කිහිපවතාවක් සඳහන් කළ පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විටින් විට ඇතිවන දරුණු පාචන රෝගී තත්වයකින් දැඩි ලෙස පීඩා විඳියි. මේ සඳහා ජනාධිපති සිරිසේන දේශීය සහ විදේශීය වෛද්‍යවරුන් හමුව නොයෙකුත් වෛද්‍ය ක්‍රමයන් යටතේ ප්‍රතිකාර ලැබුවද තාවකාලික සහනයක් මිස ස්ථිර සුවයක් නොලැබීය.

මින් මාස කිහිපයකට ඉහතදී ද මේ තත්වය උත්සන්න වූ අතර ඒ පිලිබඳ ලිපියක් අපවිසින් එම කාලයේදී මෙම වෙබ් අඩවියේ පලකරනු ලැබීය. අප විසින් එම ලිපියේ දී අනාවරණය කරණ ලද්දේ ජනාධිපති සිරිසේනගේ රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරනු ලබන මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස්, පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය යසන්ත ආරියරත්න, උදර ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය කෙමාල් ඩීන්, උදර රෝග වෛද්‍ය විශේෂඥ එන්. එම්. එම්. නවරත්න, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් වන යසස් අබේවික්‍රම සහ තුෂාන් බෙනරගම යන මහත්වරුන් ඒ පිළිබඳව විවිධ මත දරන ලද බවයි.

එසේම අප විසින් ඒ ලිපිය අවසානයේ අනාවරණය කළේ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමේ අවසන් තීරණය වූයේ ජනාධිපති සිරිසේනගේ වෛද්‍ය වාර්තා, ලේ, මල සහ මුත්‍ර සාම්පල් ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට යවා වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් AC, FRACP, FRS, FAA, DSc යටතේ පරීක්ෂා කරවීම බවයි. වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් මහතා උදරගත ආසාදන පිළිබඳව ලෝක ප්‍රකට විද්වතෙකු වන අතර භෞතවේදය (physiology) පිළිබඳව වසර 2005 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් විසින් සති අටක් පුරා තම සහයක කණ්ඩායම සමග පරීක්ෂණයන් සිදුකළ අතර ඒ වෛද්‍ය වාර්තා ඉහත සඳහන් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය වෙත යොමුකරනු ලැබීය. ඒ සම්පුර්ණ වාර්තාව කියවීමට අපට අවස්ථාවක් නොලැබුනුමුත් පිටු 12 කින් සමන්විත එහි සංක්ෂිප්තය කියවීමට අපට අවස්ථාවක් ලැබිණි. නමුත් වගකියයුතු වෙබ් අඩවියක් ලෙස අපට ඒ පිළිබඳව කිසිවක් අනාවරණය කළ නොහැක. මක්නිසාදයත් රෝගියකුගේ වෛද්‍ය වාර්තා පිළිබඳව අනාවරණය කිරීම අතිශය සදාචාර විරෝධී බැවිනි. අපට ජනාධිපති සිරිසේන සමග වනුයේ දේශපාලන ප්‍රතිවිරෝධයකි. නමුත් ඔහු බරපතළ රෝගී තත්වයකින් පෙලෙනවිට ඒ පිළිබඳව ප්‍රීතියට පත්වීමටවත් ඉක්මණින් ඔහුගේ මරණය සිදුවේවා යැයි ප්‍රර්ථනා කිරීමටවත් අපට නොහැක. ඒ අපේ බොදු හැදියාවයි.

2017 ජනවාරි 28 ට පෙර මෛත්‍රිපාල සිරිසේන මිය යන බවත් තමා කියූ අනාවැකියක් වැරදුණහොත් තමා මින් ඉදිරියට කිසිදු අනාවැකියක් ප්‍රකාශ නොකරන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජ්ත් රෝහණ විජේමුණි යලිත් තහවුරු කළා.  


ගෙදර ගියෝත් සිරා නසී…මග හිටියත් සිරාම නසී…… by lnwtoday

 

සිරිසේනගේ වෛද්‍ය වාර්තා, ලේ, මල සහ මුත්‍ර සාම්පල් ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට-ජර්මන් සංචාරයේදී විශේෂ ප්‍රතිකාර

 

 

No comments:

Post a Comment

Post Bottom Ad