දහම් පාසල් ශ්‍රේණි විභාගය ඉරිදා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

දහම් පාසල් ශ්‍රේණි විභාගය ඉරිදා

දහම් පාසල් ශ්‍රේණි විභාගය ඉරිදා

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන වාර්ෂික දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන 20 වන ඉරිදා පැවැත්වීමට නියමිතය.

දිවයිනේ දිස්ත්‍රික්ක 21 ම ආවරණය වන පරිදි දහම් පාසල් ශ්‍රේණි විභාගය පවත්වන බව බෞද්ධ කටයුතු පිලිබද දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.

ඒ අනුව, මධ්‍යස්ථාන 3972 ක දී විභාගය පැවැත්වෙන අතර, ඒ සදහා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව ලක්ෂ 14,787 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad