ලේ පරික්ෂණ පිටින් කළොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

ලේ පරික්ෂණ පිටින් කළොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදි

ලේ පරික්ෂණ පිටින් කළොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදි

නවීන තාක්ෂණයට අනුව රෝහල් ඩිජිටල්කරණය කළ යුතු බවත් 2017 ජනවාරි 01 දා සිට රෝහල්වලට ඇතුලත් වන රෝගීන්ගේ රුධිර පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම තහනම් කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අගලවත්ත ඉත්තෑපාන දිසා රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සහ කාන්තා වාට්ටුව විවෘත කිරීමේ උත්සවය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා “කළුතර දිස්ත‍්‍රික්කයේ පළාත් සභා රෝහල් සහ මුලික රෝහල් සංවර්ධනය කිරීමටමේ වනවිටත් කටයුතු යොදා තිබෙනවා. කළුතර මහ රෝහල සංවර්ධනය කරන අතර, ළමා රෝහලක් ද නෙදර්ලන්ත ණය ආධාර යටතේ ඉදිකරනවා. ජර්මනියේ ආධාර මත පානදුර මූලික රෝහල සංවර්ධනය කරනවා.”

“නවීන තාක්ෂණයට අනුව රෝහල් ඩිජිටල්කරණය කළ යුතුයි. එහි මුලික පියවර හොරණ මුලික රෝහලෙන් සහ මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කළා.මේ වනවිට රෝහල් 40 ක් පරිගණක ගත කර තිබෙනවා. 2017 වසරේ දී රෝහල් 200 ක් පරිගණක ගත කිරිමට සැළසුම් සකස් කර අවසන්. මෙහිදී රෝගියෙකුගේ සියළුම විස්තර, රෝග පරීක්ෂණ වාර්තා පරිගණක ගත කරනවා. ඉන් පසු රෝගියාට රෝග විනිශ්ච්‍ය කාඩි පතක් ලබාදීම තුලින් වෛද්‍ය පරික්ෂණවල දී වෛද්‍යවරුන්ට පහසුවක් සැළසෙනවා. රෝහල් සංවර්ධනය කළ හැකි වුවත්, මානව සම්පත සංවර්ධනය කිරීමට කාලයක් ගත වෙනවා. හෙද හෙදියන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින අතර, එම සේවක සංඛ්‍යාව වැඩි කිරීමට මම පියවර ගෙන තිබෙනවා. ඉත්තෑපාන දිසා රෝහල මුලික රෝහලක් කරන ලෙස මහා සංඝරත්නය මගෙන් ඉල්ලීමක් කළා. නමුත් මම මෙම රෝහලට අවශ්‍ය සියළුම පහසුකම් ලබාදෙන්නම්.”  

“2017 ජනවාරි 01 දා සිට රෝහල්වලට ඇතුලත් වන රෝගීන්ගේ රුධිර පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම තහනම් කරනවා. රජය විසින් සියළුම රසායනාගාර පහසුකම් ඇති රෝහල් වලට රුධිර පරීක්ෂණ යන්ත‍්‍ර දෙසැම්බර් 31 වන විට ලබාදෙනවා. ඉන් පසු රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම නොකළ යුතුයි. සියළුම රුධිර පරීක්ෂණ රෝහල් මගින් පමණක් සිදු කළ යුතු වෙනවා. ඒ පිළිබද විමර්ශණයක් ද සිදු කරන අතර, රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගනු ලබනවා. ඒ බව සදහන් කරමින් දෙසැම්බර් මස මුල් සතියේ දී රසායනාගාර පහසුකම් ඇති සියළුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කරන ලෙස මම සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට උපදෙස් ලබාදුන්නා.” 

 

No comments:

Post a Comment

Post Bottom Ad