අලුත් පක්ෂයේ නායකත්වය මහින්දට

අලුත් පක්ෂයේ නායකත්වය මහින්දට
ජනතාව ඉල්ලූ නව පක්ෂයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක්ම බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

නව ජනතාවාදී පක්ෂයේ නායකත්වයට පත්විය යුත්තේ ජනතා දුක, ජනතා හැඟීම්, ජනතා වේදනාව හඳුනන නායකයෙකු බවත් ඊට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

“නෙළුම් පොහොට්ටුව“ ලකුණින් ආරම්භ කළ “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ“ නව  පක්ෂයේ සභාපති ලෙස මාහචාර්ය ජී.එල් පීරිස්  කටයුතු කරන අතර පක්ෂයේ ලේකම් භාණ්ඩාරගාරික යනාදී සියලු තනතුරු ඉදිරියේදී පත් කර ගන්නා බවත් පක්ෂයේ නායකයින් සම්මේලනයක් මගින් පත් කර ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment