චීනෙට යන මහින්දට පහසුකම් දෙන්නැයි අගමැතිගෙන් නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

චීනෙට යන මහින්දට පහසුකම් දෙන්නැයි අගමැතිගෙන් නියෝග

චීනෙට යන මහින්දට පහසුකම් දෙන්නැයි අගමැතිගෙන් නියෝග

චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් අඩුවකින් තොරව සපයන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස්‌ දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපතිවරයා ලබන 23 වැනිදා සිට සතියක කාලයක්‌ චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය. චීන රජයේ නිල ආරාධනාවෙන් මහින්ද රාජපක්‌ෂ මහතා මෙම සංචාරයේ යෙදෙන බැවින් ඊට අදාළ සියලු රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් සපයන ලෙසද අගමැතිවරයා උපදෙස්‌ දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad