සාගල වාර්තාවක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

සාගල වාර්තාවක් ඉල්ලයි

සාගල වාර්තාවක් ඉල්ලයි

පසුගිය සඳුදා (07) දින කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති කාර්යාලයට බලෙන් ඇතුලු වීමට තැත් කළැයි කියන ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා වාර්තාවක් කැඳවා තිබේ.

ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් යුත් කමිටුවක් ද පත් කර ඇති අතර ඊට දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ත වීරසිංහ, බටහිර ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ යන මහත්වරු අයත් වේ.

පසුගිය සඳුදා දින ආබාධිත රණවිරුවන් දියත් කළ විරෝධතා ව්‍යාපාරයට එරෙහිව පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස්වලට අමතරව රබර් උණ්ඩ ද භාවිතා කර ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ප්‍රකාශ කරයි.

ඊයේ (08) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා මේ බව කියාසිටියේය.

කෙසේවෙතත් ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කර තිබියදීත් මෙලෙස ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ඇතිවූ කළහකාරී තත්ත්වය රජය අපහසුතාවයට පත්කිරීමේ සැලසුම්සහගත කුමන්ත්‍රණයක්  බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රජය සහ රණවිරුවන් අතර බරපතල බෙදීමක් ඇති කිරීමට එමඟින් උත්සාහ කර ඇති බවට එම නිවේදනයෙහි තවදුරටත් දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad