අලුත් අයවැයෙන් ඔයාගේ පඩියට ගහන හෙණය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

අලුත් අයවැයෙන් ඔයාගේ පඩියට ගහන හෙණය

මෙවර අයවැයෙන් වැටුප් ආදායම් සඳහා බදු අයකිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන අතර මූලික වැටුපට සියලු දීමනා ද එකතු වූ විට වැටුප් ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා යන්නේ නම් ඒ සෑම පුද්ගලයෙකුටම බදු ගෙවීමට සිදු වනවා.

නව බදු සංශෝධන වලට අනුව මාසිකව රුපියල් ලක්ෂය බැගින් වාර්ෂික ව ලක්ෂ 12ක් හෝ ඊට අඩු අදායමක් උපයන පුද්ගලයින් වැටුප් අදායම් සඳහා බදු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.

මාසිකව රුපියල් ලක්ෂ එකහමාර බැගින් වාර්ෂිකව දොළොස් ලක්ෂයේ සිට ලක්ෂ 18 දක්වා ආදායමක් ලබන පුද්ගලයින් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩි වන ලක්ෂ 06 ක මුදල සඳහා සියයට 04ක බද්දක් රජයට ගෙවිය යුතු වනවා.

මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් වාර්ෂිකව ලක්ෂ 24 ක ආදායමක් ලබන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 12ක මුදල සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය සියයට 08ක්.

මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ලක්ෂ 30 ක වාර්ෂික ආදායමකට හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 18ක මුදල සඳහා සියයට 12ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු වන අතර මාසිකව රුපියල් ලක්ෂ 03 බැගින් උපයන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24 සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය සියයට 16 ක්.

රුපියල් ලක්ෂ 36 ට වැඩි වාර්ෂික ආයමක් හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24ට වැඩි සෑම මුදලක් සඳහාම සියයට 24 ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු බව නව බදු සංශෝධන යෝජනා වල සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad