බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ…

සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිශ්පාදනය කෙරුණු “සයපෙති මල් – prangipani“ නම් චිත්‍රපටයත් දිවයින පුරා සිනමා ශාලාවල මේ වන විට ප්‍රදර්ශනය කෙරෙමින් පවති.

බෞද්ධ විහාරස්ථානයක් පසුබිම් කරගෙන තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවන අස්වාභාවික විකෘති කාමුක සබදතාවයක් තේමාකරගනිමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය හරහා බෞද්ධ සමාජයත් සංමලිංගිකත්වයත් බෞද්ධ භික්ෂුවගෙන් සමලිංගිකත්වයට හා LGBT සංකල්පයන්ට ලැබෙන සහයෝගයක් මවා පාන්නට අධ්‍යක්ෂවරයා පිළිකුල් සහගතව ක්‍රියාකර ඇති බව පෙනී යයි.

බෞද්ධ සංකේත විශාල ලෙස යොදා ගනිමින් ඒ සමඟම සංමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් Transgender and LGBT Rights ප්‍රවර්ධනය කර බෞද්ධ සමාජය ඊට පොළඹවන සුළු ගතියක් චිත්‍රපටය පුරාවටම ඇති අතර මෙලෝ ආකාරයක රස වින්දනයක් ඇති නොවන ඉතාමත් පහත් පෙලේ නිර්මාණයක් ලෙස පහසුවෙන් හඳුනාගත හැක. චිත්‍රපටයේ රගන බෞද්ධ භික්ෂුවගේ චරිතය දිහාද බැලූ බැල්මටම පෙනෙන්ට ඇත්තේ සමලිංගික ඉරියව්වකි. 


බෞද්ධ නොවන බහුතරයක් එක්ව නිර්මාණය කළ මෙහි ඍජු අරමුණ ලෙස සමලිංගිකත්වය ප්‍රවර්ධනය හා බෞද්ධ සමාජය හෑල්ලුවට ලක් කිරීමත් මත් ද්‍රව්‍ය බෞද්ධ සමාජය තුළත් සමලිංගික ප්‍රජාව තුළත් සාමාන්‍ය දෙයක් බව පෙන්වීමත් අරමුණු කොට ඇති බව නිරීක්ෂණය කළ හැක.

සමලිංගික සේවනය/බහුලිංගික සේවනය සමාජ සම්මතය විසින්ද පිළිකුළ කරන අසම්මත දුරාචාරයක් ලෙස සැළකෙන අතර එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ අගයන්ටද ඉදුරාම පටහැණි ව්‍යභිචාරයකි. සමලිංගික ක්‍රියාවල් සහ ප්‍රවර්ධනය නීති විරෝධි ක්‍රියාවන් ලෙස ලංකා නීති පොතේ ඇතත් රජයේ චිත්‍රපට සංස්ථාවේ රැගුම් පාලක මණ්ඩලය විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අවසරය ලබා දී ඇත.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ විශාකේෂ චන්ද්‍රසේකරන් නමැත්තා පවසන්නේ පසුගිය රජය යටතේ රැගුම් පාලක මණ්ඩලයෙන් මෙම චිත්‍රපටයට අවසර නොළැබෙන බව දැන සිටි නිසා, නව රජයේ රැගුම් පාලක මණ්ඩලයක් යටතේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලැබෙන තුරු කල් බලා සිටි බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා දැන් හොදම අවස්ථාව උදාවී ඇති බවයි.

– colombotoday

No comments:

Post a Comment

Post Bottom Ad