අය වැයෙන් පළාත් සභාවට කැපිල්ලක්: මහඇමතිවරු ජනපතිට දුක කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

අය වැයෙන් පළාත් සභාවට කැපිල්ලක්: මහඇමතිවරු ජනපතිට දුක කියයි

අය වැයෙන් පළාත් සභාවට කැපිල්ලක්: මහඇමතිවරු ජනපතිට දුක කියයි
මෙවර අයවැය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 22 වැනිදා සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා හරහා පළාත් සභාවලට වෙන්කරන ලද මුදල් ප්‍රමාණවත් නොවන බවට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මෙවර අයවැයෙන් බස්නාහිර පළාත් සභාවට වෙන්කළ ප්‍රතිපාදන පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 9කින් පමණ කපා හැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කර විසඳුමක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.

ඒ අනුව ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් අදාළ සාකච්ඡාව ලබා දී ඇති අතර ඒ අනුව ලබන 22 වැනිදා දහවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

පළාත් සභාවල වර්තමාන තත්ත්වය පිළිබඳව හා එළැඹෙන වසර සඳහා මුදල් වෙන්කළ ආකාරය පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සඳහන් කරයි.

පළාත් සභාවලට අදාළ අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම ජනාධිපතිවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව ද පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් පෙන්වාදෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad