වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 30, 2016

වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු
සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, අද (30දා) සිදුකිරීමට නියමිතව තිබූ සායනික කටයුතු පවා ඇනහිට තිබේ.

මෙවර අයවැය මගින් සෞඛ්‍ය සේවාවන්ට ඉදිරිපත් කළ වෙනස්කම් කිහිපයකට එරෙහිව මෙම විරෝධතාවය දියත් කර තිබේ. මේ නිසා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, බොහෝ රෝහල්වල දිගු පෝලිම්ද දක්නට ලැබේ.

බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ඇතැම් පිරිස් වර්ජනය අවසන් කර ප්‍රතිකාර කටයුතු සිදුකරනු ඇතැයි අපේක්ෂාවෙන් තවමත් රෝහල්වල රැඳී සිටින බවද වාර්තාවේ වේ.

No comments:

Post a Comment

Post Bottom Ad