පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවරයා කථානායක අසුනේ වාඩිවෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවරයා කථානායක අසුනේ වාඩිවෙලා

පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවරයා කථානායක අසුනේ වාඩිවෙලා

පාර්ලිමේන්තු සභා ගර්භයෙහි ඇති කථානායක නිල අසුනෙහි ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවරයා අනවසරයෙන් අසුන්ගෙන ඇතැයි කථානායක වෙත පැමිණිල්ලක්‌ ලැබී තිබේ.

පාර්ලිමේන්තු රැස්‌වීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙහි පවිත්‍රතා කටයුතු සිදුකර නිමවනතුරු මෙම ඉංජිනේරුවරයා කථානායක අසුනෙහි වාඩිවී පවිත්‍රතා සේවකයන්ට නියෝග පනවමින් සිට ඇතැයි මාතලේ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා කථානායකවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.

පාර්ලිමේන්තු රැස්‌වීම පෙරේදා (16) අවසන් වූ පසු මෙම සිදුවීම වී ඇතැයි ද මන්ත්‍රිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක කථානායකවරයාට වෙන්කර ඇති නිල අසුනෙහි මෙසේ වෙනත් අයකු අසුන් ගැනීමෙන් කථානායකවරයාට මෙන්ම සමස්‌ත ජාතියටම කරන ලද අගෞරවයක්‌ බවද පැමිණිල්ලේ දැක්‌වේ.

පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු සහ පරිපාලන කටයුතු සිදුවනුයේ කථානායකවරයාගේ මූලිකත්වයෙනි. පාර්ලිමේන්තුව තුළ සියලුම මන්ත්‍රීවරුන් කථානායකවරයාගේ අණට යටත් වෙයි.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad