හිමිනමක් පොලිස් කාන්තාවකට පහරදීමට උත්සහ කරලා – වැඩේ මොකක් වුණත් ඒක බුද්ධ ධර්මයට කැළලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 14, 2016

හිමිනමක් පොලිස් කාන්තාවකට පහරදීමට උත්සහ කරලා – වැඩේ මොකක් වුණත් ඒක බුද්ධ ධර්මයට කැළලක්

නඩුවක් විසදිමට මඩකලපුව මංගලාරාමයට පැමිණි පොලිස් කාන්තාවකට පහරදෙන්න එහි හිමිනම උත්සහ කර තිබෙනවා කියා වීඩියෝ එකක් අන්තර්ජාලයේ තියෙනවා මම දැක්කා..

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක..


මේ ප්‍රශ්නේ මොකක්ද කියන්න මම හරියට දන්නේ නෑ. හැබැයි සිවුරක් ඇඳගෙන මේ හිමිනම කරන වැඩේ බෞද්ධාගමට අනුව අනිවාර්යෙන්ම වැරදි. ඒ වුණාට උන්වහන්සේ මෙලෙස හැසිරීමට හේතු කාරනා තියෙන්න පුළුවන්.

අපිට වුණත් අසාධාරණයක් ඉවසලා ඉවසලා බැරිම තැනම යන කේන්තිය ඉවසගන්න අමාරුයි. මේ හිමිනමටත් ඒක එහෙමම වෙන්න ඇති.

දන්නවද මේ වීඩියෝ එක දාලා තිබුණා දෙමළ වෙබ් අඩවියකත්. මම කියන්නේ හාමුදුරුවනේ ඔබ සටන් කරන්න හැබැයි අපේ බෞද්ධාගමට කැළලක් නොවන විදියට. නැත්නම් මේ දේවල් වලින් උඩ පැන පැන පිනුම් ගහන්නේ ඔබ වහන්සේ ඔය බනින දෙමලුන්ම තමයි.

No comments:

Post a Comment

Post Bottom Ad