වැඩක් නොගෙන ඩොලර් ලක්ෂයක් පඩි ගෙවුවැයි ශ්‍රී ලාංකිකයෙක් නිව්යෝර්ක් සරසවියට එරෙහිව පැමිණිලි කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

වැඩක් නොගෙන ඩොලර් ලක්ෂයක් පඩි ගෙවුවැයි ශ්‍රී ලාංකිකයෙක් නිව්යෝර්ක් සරසවියට එරෙහිව පැමිණිලි කරලා


තමාගෙන් වැඩක් නොගෙන ඩොලර් ලක්ෂයක් පඩි ගෙවුවැයි
ශ්‍රී ලාංකික සරසවි කාර්ය මාණ්ඩලිකයෙක්
නිව්යෝර්ක් සරසවියට එරෙහිව පැමිණිලි කරලා



නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු තම සේවා කාලය නිස්සාර කර දැමූවේ යයි එම විශ්ව විද්‍යාලයට එරෙහිව නීති මගට එළැඹෙන්නට සූදානමින් සිටින බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත හෙළි කර තිබේ.ඔහු පවසන්නේ එම විශ්ව විද්‍යාල සේවය වෙනුවෙන් වසරකට ඩොලර් ලක්ෂයකට ආසන්න හොඳ වැටුපක් තමාට ලැබුණ නමුත් කළු සමක් ඇති නිසා තමන් තනතුරින් පහත හෙළා වැඩක් නොගෙන පඩි පමණක් ගෙවමින්  දිගු කලක් තිස්සේ කොන් කර දමා තිබෙන බවයි.
ලංකාවේ උපත ලද හරේන්ද්‍ර
සිරිසේන (හැරල්ඩ්) යන නමින් හැඳින්වෙන 72 හැවිරිදි ඔහු කොලොම්බියා විශ්ව විද්‍යාලයේ MA උපාධිධාරයෙකි. ඔහු වයස 51 දී (1995) මෙම විශ්ව විද්‍යාලයට බැ‍ඳී ඇත්තේ
ලේඛකාධිකාරී කාර්යාල සේවයටය.

ඔහුගේ මුල් කාර්යාල ජීවිතය ඉතා ඵලදායී


බවත් ඔහුට නොයෙකුත් වැඩ තිබුණ බවත් පැවසෙන අතර වසරක ඇවැමෙන් ඔහුට තිබුණ තනතුරට තරුණ අයෙකු පත්කර එම වැඩ වලින් ඉවත් කර තිබේ. පසුව එම අංශයේම කාර්යාල කාර්ය සහායක විසින් ඒ දක්වා ඉටු කළ සුළු වැඩ කොටසක් පමණක් තමාට කරන්නට ලබාදුන් බව ඔහු පවසයි.ඒ අනුව දවසකට සීල් එකක් දෙකක් ගැසීම වැනි සුළු කටයුත්තක් පවරා තිබේ.

මේ නිසා දවස තිස්සේ කාර්යාලයේ උඩ බලා සිටින්නට සිදුවූ තමාට පසුගිය වසර 13 ක කාලය පුරාම විශ්ව විද්‍යාලය අසල සිටින කුරුල්ලන්ට හා ලේන්නුන්ට ආහාර ලබා දීමත්, ක්‍රිකට් හෝ පාපන්දු තරඟ නැරඹීමත්, සංගීතයට සවන් දීමත්, පරිගණකය ඔස්සේ ගණිත ගැටළු විසඳීමත් වැනි දේ කරන්නට වේලාව ලැබී තිබුණ බව පවසයි.

තමාගේ උගත්කම හෝ නිපුණතාවය ඵලදායි දෙයකට නොයොදා අපතේ හැරීමෙන් ජීවිතය කලකිරුණ බවද ඔහු පවසා සිටී.

මෙම වෙනසට හේතුව තමාගේ සමේ පැහැය බව පෙන්වා දෙන ඔහු ටික කලකින් මෙය වෙනස් වනු ඇතැයි මුලදී බලාසිටියත් වසර ගණනක් යනතුරුත් තමාට කරන්නට තිබෙන වැඩ රාජකාරියේ වෙනසක් නොදුටු බව ඔහු කියා සිටී. අනතුරුව විශ්ව විද්‍යාලයේ පරිපාලන අංශ වෙත මේ ගැන අවස්ථා කිහිපයකදීම තමා රපෝර්තු කළ නමුත් ඉන් සහනයක් ලැබී නැති බවත් අවසානයේ පුවත්පත් වලට මේ ගැන කියන්නට සිදුවුණ බවත් ඔහු කියා සිටී. මේ වනවිට තමාගේ නීතීඥයින් මාර්ගයෙන් තමාට සිදු කළ අසාධාරණය වෙනුවෙන් නඩු පවරන බවද ඔහු පවසයි.

"සමහර වෙලාවට මම නිදාගෙන හිටියේ. මා එක්ක රාජකාරියට ආපු අය හුඟක් දියුණු වුණා. මං එතැනමයි. මාව සේවයෙන් ඉවත් කලෙත් නෑ. ඒත් වැඩ නොගෙන හැරීම වේදනාකාරීයි.
කළ හැකි සියලු බිහිසුණු දේ මම  කළා.. ඒත් ඔවුන් ගණන් ගත්තෙ නෑ, "සිරිසේන මහතා කියා ඇත.
සිරිසේන මහතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය කටයුතු සිදුවන අතර නිව්යොර්ක් පෝස්ට් පුවත්පත සරසවි බලධාරීන්ගෙන් මේ ගැන විමසුවත් කිසිවක් සඳහන් කළ නොහැකි බව දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad