අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 19, 2016

අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි

අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි

2017 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 107න් සම්මත වී තිබේ.

ඒ අනුව අයවැය යෝජනාවලට පක්ෂව ඡන්ද 162ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමිවී ඇත.

අයවැයට පක්ෂව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

එසේම ලංකා වතු කම්කරු කොංග්‍රසය, ඊපීඩීපී පක්ෂයේ ඩග්ලස් දේවානන්ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව සඳහන්ය.

අයවැයට විරුද්ධව, ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, සිරිපාල ගම්ලත්, ප්‍රේමලාල් ජයසේකර, තේනුක විදානගමගේ, චතුර සේනාරත්න යන මහත්වරු ඇතුළු 097දෙනෙකු ඡන්දය විමසන අවස්ථාව වන විට පාර්ලිමේන්තු සභා ගර්භයෙහි නොසිට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad