අනුර කුමාරට රජයේ උපදේශක තනතුරක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 24, 2016

අනුර කුමාරට රජයේ උපදේශක තනතුරක්?

අනුර කුමාරට රජයේ උපදේශක තනතුරක්?

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු මෙන්ම, කෘෂි කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂයට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ආරාධනාව කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad