අනියම් පෙම්වතිය සමඟ ලැගුම්හලකට ගිය පෙම්වතාගේ හදගැස්ම නැවතී මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

අනියම් පෙම්වතිය සමඟ ලැගුම්හලකට ගිය පෙම්වතාගේ හදගැස්ම නැවතී මරුට


කිරිබත්ගොඩ පොලිස් වසමේ ලැගුම්හලකට පැමිණි විවාහක අනියම් පෙම් යුවළක අනියම් පෙම්වතා කාමරය තුළදී මියගොස් තිබේ.
පෙරේදා (16දා) සවස එම විවාහක කාන්තාව මහර

අධිකරණයේ නඩුවකට රැගෙන ඒමට නියමිත ඇයගේ ඥාතියකු බැලීමට ගොස් ඇති අතර ඇය එන තුරු මඟබලා සිටි වාරියපොළ අවුලේගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහක පුද්ගලයා ඇය සමඟ ලැගුම්හලට ගොස් තිබේ. කාමරය තුළදී මේ පුද්ගලයා මිය ගිය බව ඔහු සමඟ ගිය අනියම් පෙම්වතිය කිරිබත්ගොඩ පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
ඔවුන් දෙදෙනාට විවාහක දූ දරුවන් සිටින දෙදෙනකු බවද හෙළි වී තිබේ. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ රාගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad