ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වෙන්න.. – ජනපති ශ‍්‍රීලනිපයට දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් වෙන්න.. – ජනපති ශ‍්‍රීලනිපයට දන්වයි..

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් බිහිකිරීමේ අභියෝගය බාරගන්නා බවත් එය ජයග්‍රහණය කරවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ මහරගමදී පැවති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි. තමනට ශ‍්‍රීලනිපය සංවිධානය කිරීමට වෙනත් පක්‍ෂවල අනුමැතිය උවමනා නැතැයිද කී ජනාධිපති සිරිසේන ‘එජාපය සංවිධානය කිරීම ඔවුන් කරගනීවි. අපි අපේ පක්‍ෂය හදා ගමු’ යයිද සදහන් කලේය.

2015 ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තමන් ඉදිරිපත් වූයේ ශ‍්‍රීලනිපයෙන් ඉවත් නොවී එහි මහ ලේකම්වරයා ලෙසම හිදිමින් බවත් කී ඔහු එම ජනාදීපතිවරණයේදී තමනට ගැබුණු ඡන්ද ලක්‍ෂ 62න් 12-15% අතර ප‍්‍රමාණයක් ශ‍්‍රිලනිප ඡන්ද බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad