යෝජිත අමරදේව සංගීත අසපුව ඉදි කෙරෙන්නේ හොරණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 5, 2016

යෝජිත අමරදේව සංගීත අසපුව ඉදි කෙරෙන්නේ හොරණ

අභාවප්‍රාප්ත ආචාර්ය අමරදේවයන් හමියයන්නට පෙර ඔහුගේ 88 වන ජන්ම දිනය සැමරූ 2015 දෙසැම්බර් මාසයේ කළ ඉල්ලීමක් අනුව 2016 ජනවාරි මාසයේම ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මුල්වී ඔහු
නමින් ඉදිකරන ‘අමරදේව අසපුව‘ සංගීත අධ්‍යාපන පීඨය වෙනුවෙන් ඉඩමක් වෙන් කරගෙන තිබේ.

අමරදේව මහත්මිය වන විමලා අමරදේව සහ පුතණුවන් වන රන්ජන් අමරදේව විසින් කැමැත්ත පළකළේ කලා අංශයට වැඩි නැඹුරුවක් ඇති හොරණ ප්‍රද්ශයෙන් නිරීක්ෂණය කළ ඉඩමක් සදහා ය.



හොරණ ඇල්ලකන්ද වත්ත අක්කර 08ක ඉඩම් කොටස ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව නිර්මාණය කිරීමේ කාර්යයට සුදුසු පරිසරික සුන්දරත්වයකින් හා පහසුකම් වලින් සමන්විතව පිහිටා ඇති බවට පසුව තොරාගන්නා ලදී.

මෙම සංගීත අසපුව කලාකරුවෙකු බිහිකරන තෝතැන්නක් කිරීම හා කලා නිකේතනයක් ලෙස සියලු අංගවලින් සමන්විතව ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙස  ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

එම ඉඩම පසුගිය ජනවාරි මාසයේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ඡායාරූප මේ සමග පළවේ.














No comments:

Post a Comment

Post Bottom Ad