උතුරේ මහවිරු දින සැමරුම ගැන ආරක්ෂක ලේකම් කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

උතුරේ මහවිරු දින සැමරුම ගැන ආරක්ෂක ලේකම් කතා කරයි

උතුරේ මහවිරු දින සැමරුම ගැන ආරක්ෂක ලේකම් කතා කරයි

උතුරේ මහවිරු දින සැමරුම් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට කිසිවක් කිරීමට නැතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූයේ අද (29) ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය නීතිවිරෝධී කටයුත්තක් සිදුකර ඇත්නම් එය සොයා බැලීම හමුදාවේ විෂය පථයට අයත් කාරණයක් නොව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් කටයුත්තක් බවද ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා,

“හමුදා කඳවුරක් ඇතුළෙ නෙමෙයි එම සැමරුම කළේ. හමුදා කඳවුර ඉස්සරහ පාරේ. පාර පොදු ස්ථානයක්. ඒ අය තමන්ගේ මළවුන් සිහිකිරීමේ කටයුත්තක් කරලා තිබෙනවා එක්තරා හමුදා කඳවුරක් ඉදිරිපිට. අපි ඒවාට සම්බන්ධව නැහැ. මහවිරු දිනය සම්බන්ධව අපිට කිසිම කටයුත්තක් කරන්න නැහැ. අපි ඉන්නෙ ජාතික ආරක්ෂාව සඳහා පමණයි.

එවැනි යම් කිසි නීතිවිරෝධී කටයුත්තක් කරනවාම්, කරලා තියෙනවානම් ඒ පිළිබඳව කටයුතු කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට. එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව සැමරුමක් කළානම් ඒක නීතිවිරෝධී කටයුත්තක්. ඒක ත්‍රිවිධ හමුදාවේ විෂය පථයට අයත් නැහැ. අයත් නැති දෙයක් ගැන කතාකරලා ප්‍රයෝජනයක් නැහැ“ යැයි හෙතෙම සඳහන් කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad