ඥානසාර හිමිගේ නඩුව ජනවාරියේ කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

ඥානසාර හිමිගේ නඩුව ජනවාරියේ කැඳවයි

ඥානසාර හිමිගේ නඩුව ජනවාරියේ කැඳවයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව පවරා ඇති නඩුව ජනවාරි මස 11 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

හෝමාගම  මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොණු කර ඇති බව සඳහන්ය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් වන නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අධිකරණ භූමියේ අධිකරණයට අපහාස වන ආකාරයෙන් හැසුරුණු බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් එම චෝදනා පත්‍රයට එරෙහිව මූලික විරෝධතා මතුකරන බව ඥානසාර හිමිගේ පාර්ශවයේ නීතිඥවරුන් සඳහන් කර තිබේ.

ඒ අදාළ මූලික විරෝධතා ජනවාරි මස 11 වනදාට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad