ඔබ ඔබේ රටට ජනපති වන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 9, 2016

ඔබ ඔබේ රටට ජනපති වන්න

ඇමරිකාවේ FBI ආයතනය විසින් 2008 දී අල්කයිඩා සංවිධානයත් පරයමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට නම් කොට තිබූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහමුලින්ම පරාජය කිරිමට අපට හැකිවු බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් මීට නොබෝ වේලාවකට පෙර ජයගත් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතාට පහත දැක්වෙන සුභාෂිංශන පණිවිඩයක් යවා තිබේ.

අතිගරු ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මැතිතුමා
ට්‍රම්ප් සංවිධානය,
725, 5 වන පටුමඟ,
නිවුයෝර්ක් නගරය, 10022,
ඇමරිකා එක්සත් ජනපදය.

මැතිතුමනි,

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිරණයෙන් ජය ගැනීම ගැන මාගේ සුභ පැතුම් ඔබතුමාට පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ඡන්ද ව්‍යාපාරය තුළ මතු වූ බොහෝ කාරනා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බටත් වලංගු භාවයක් දැක්වීම හේතුවෙන් මෙම ජනාධිපතිවරණය මුළු ලෝකයේම අවධානයට ලක් විය.  

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති හැටියට ඔබගේ පත්වීමත් සමඟ සියලු රාජ්‍යයන්ගේ සෛවරී සමානත්වය හා ජාතික රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කරුණු වලට ඇඟිලි නොගැසීම යන මූලධර්මයන් මත පදනම් වූ ලෝක රටාවක් අපි බලාපොරොත්තු වෙමු.

මීට කලින් පැවති රිපබ්ලිකන් පක්‍ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා රාජතාන්ත්‍රික හා බුද්ධි ආශ මට්ටමින් මගේ ආණ්ඩුවට ලබා දුන් සහයෝගය මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි. 

ඒ උපකාරයන් තුළින් ඇමරිකාවේ FBI ආයතනය විසින් 2008 දී අල්කයිඩා සංවිධානයත් පරයමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට නම් කොට තිබූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහමුලින්ම පරාජය කිරිමට අපට හැකි විය. ඇමරිකාවේ ජනාධිපති හැටියට ඔබගේ ධූරකාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

මීට හිතවත්,
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

(The following letter was sent by former President Mahinda Rajapaksa to His Excellency Donald J. Trump President –Elect of the United States of America congratulating him on his election victory.)

HE Donald J.Trump
President-Elect of the United States of America
C/o The Trump Organization
725 5th Avenue
New York 10022
United States
 
Dear President – HE. Trump,


It gives me great pleasure to congratulate you on your election as the President of the United States. Your presidential election campaign was followed closely throughout the world because the issues you fought the election on resonated far beyond the borders of the USA. 

With your election as President of the United States, we look forward to a new world order based on the principles of the sovereign equality of all nations and non-interference in the internal affairs of nation states. 

It is with gratitude that I recall the cooperation extended to Sri Lanka by the previous Republican administration especially in the spheres of diplomacy and intelligence which helped my government to conclusively defeat the Liberation Tigers of Tamil Eelam which in 2008 had been designated by the US Federal Bureau of Investigation as the deadliest terrorist organization in the world outranking even Al Qaeda. I wish you every success during your tenure as the President of the United States of America.

Yours sincerely,
Mahinda Rajapaksa M.P.
Former President of Sri Lanka


උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad