බබාට කිරිදෙන එක තමා දැන් වැඩේ - දරුවා ලැබීමෙන් පසු පබා කථා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

බබාට කිරිදෙන එක තමා දැන් වැඩේ - දරුවා ලැබීමෙන් පසු පබා කථා කරයි



බබාට කිරිදෙන එක තමා දැන් වැඩේ..
මට රොකීවත් අහිමි වුණා..
දරුවා ලැබීමෙන් පසු පබා කථා කරයි

පසුගියදා සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හා ටෙලි නිළි උපෙක්ෂා ස්වර්ණමාලී දරු උපතින් පසු දැන් ගත කරන ජීවිතය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.
ඇය සිය විස්තරය කර තිබෙන්නේ මෙසේය.

‘මං මේ දවස්වල දරුවා ලැබිල හරිම සතුටින් ඉන්නේ. මං දුවට නම තිබ්බෙ ධනුජි ෂැනන් පෙරේරා කියලා. ධනුජි කියන්නෙ හිතට එකඟව වැඩකරන කෙනෙක් කියන එකයි මං එයාට ෂැනන් කියල නම තිබ්බෙ පිටරටකදි
භාවිතා කරන්න වුණොත් පහසු වෙන නිසා. බබා ලැබුණ අත්දැකීම හරිම අමුතු එකක් ලැබෙන්න තියන දවසට කලින් ශල්‍ය කර්මයකින් ලබාගත්තේ වෛද්‍යවරුන් එක්ක ඒ ගැන කතාබහ කළාට පස්සේ.  බබා මුලින්ම පෙන්වපු වෙලාවෙ මට නිකමට කියැවුනා මම වගේමයි කියලා.


වෙනදා වගේ නෙමෙයි හරි ඉක්මණට කාලය ගතවෙනවා. මට පැය දෙකින් දෙකට එයාට කිරිදෙන්න වෙනවා. ඒක හරිම යුද්ධයක් වගේ. මං හරි පරිස්සමෙන් එයාව රකිනවා.

දරුවා නිසා මගේ ආදර බලු සුරතලා රොකීව මට ඈත් කරන්න සිද්ධ වුණා. එයා බූල් බල්ලෙක් නිසා බබා එක්ක ගෙදර තියාගන්න අමාරුයි.එයාව අම්මගෙ ගෙදරට යැවුවා.මාස 6 ක් විතර යනකං මගෙ ළඟට ගන්න බැරි වේවි. කන්න බොන්න අම්මා දේවි. මට ඉතින් පාළුයි තමයි.ඒත් දැන් බබා ඉන්නවනේ.
ඇත්තටම මගේ සැමියා මාව ආදරයෙන් බලාගන්නවා. මේවගේ සැමියෙක් මට දීපු එක ගැන මම හැමදාම දෙවියන්ට ස්තූතිවන්ත. වෙනවා.මට අවශ්‍ය හැමදේම එයා දෙනවා. දැන්නම් මට තව බබෙක් හදන්නත් ආස හිතිල තියෙන්නෙ. බලමු ඉස්සරහට බලමු..‘

සාකච්ඡාව - තිළිණි කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad