ලංකාවේ දිනකට ගබ්සා 800ක්

ලංකාවේ දිනකට ගබ්සා 800ක්

ශ්‍රී ලංකාවේ දිනකට දරු උපත් 1100 -1200 අතර ගණනක් සිදුවන බවත් දිනකට ඇස්තමේන්තු ගත ගබ්සා ප්‍රමාණය 700 - 800ත් අතර පවතින බවත් දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝනොවන රෝග ඒකකයේ වෛද්‍ය නිලධාරී නලින් විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

පසුගියදා ගාල්ල හෝල් දි ගෝල් ශාලාවේ 'පති පතිනි ප්‍රහර්ෂා' ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් පැවති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "උපදිනවාට ආසන්න දරුවෝ ප්‍රමාණයක් දවසකට විනාශ කරන රටක් මේක. දරුවන් දිනකට එක්දහස් එකසියයක්, එක්දහස්දෙසීයක් උපත ලබනවා. ඇස්තමේන්තුගත විනාශ කරන ප්‍රමාණය හත්සියයක් අටසියයක්. එහෙම රටක් මේක. කවුරු කෙසේ කිවත් ගබ්සාව මිනී මැරුමක්. ඒ විතරක් නෙවෙයි  එය අවිනීත ක්‍රියාවක්. ඒ දරුවා මෙලොව දකින්න ආසයි."යනුවෙන් කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න