ලංකාවේ දිනකට ගබ්සා 800ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

ලංකාවේ දිනකට ගබ්සා 800ක්

ශ්‍රී ලංකාවේ දිනකට දරු උපත් එක්දහස් 1100 -1200 අතර ගණනක් සිදුවන බවත් දිනකට ඇස්තමේන්තු ගත ගබ්සා ප්‍රමාණය 700 ත් 800ත් අතර පවතින බවත් දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝනොවන රෝග ඒකකයේ වෛද්‍ය නිලධාරී නලින් විජේසේකර මහතා පැවසීය.

'පති පතිනි ප්‍රහර්ෂා' ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් ගාල්ල හෝල් දි ගෝල් ශාලාවේ පැවති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

"උපදිනවාට ආසන්න දරුවෝ ප්‍රමාණයක් දවසකට විනාශ කරන රටක් මේක. දරුවන් දිනකට එක්දහස් එකසියයක්, එක්දහස්දෙසීයක් උපත ලබනවා. ඇස්තමේන්තුගත විනාශ කරන ප්‍රමාණය හත්සියයක් අටසියයක්. එහෙම රටක් මේක. කවුරු කෙසේ කිවත් ගබ්සාව මිනී මැරුමක්. ඒ විතරක් නෙවෙයි  එය  අවිනීත ක්‍රියාවක්. ඒ දරුවා මෙලොව දකින්න ආසයි."

No comments:

Post a Comment

Post Bottom Ad