අනිද්දා පැය 8ක ජල කප්පාදුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

අනිද්දා පැය 8ක ජල කප්පාදුවක්

අනිද්දා පැය 8ක ජල කප්පාදුවක්
කොළඹ, ප්‍රදේශ කිහිපයකට ලබන 05 වැනිදා එනම් සෙනසුරාදා දින රාත්‍රියේ සිට පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව සෙනසුරාදා රාත්‍රී 9.00 සිට ඉරිදා අලුයම 05.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.බේස්ලයින් පාරේ කැලණි පාළම අසළ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ සහ සියළු අතුරු මාර්ග, හෙට්ටිවීදිය සහ ඒ ආශ්‍රිත අතුරු මාර්ග , කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩල තවදුරටත් සඳහන් කර සිටී.

ජල නල පද්ධතියේ නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad