විමල්ගේ නිවසේ මියගිය තරුණයාගේ දුරකථන 7 ක් ගැන පරීක්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

විමල්ගේ නිවසේ මියගිය තරුණයාගේ දුරකථන 7 ක් ගැන පරීක්ෂණ

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී  මිය ගිය තරුණයා එලෙස මියගිය හේතුව තවම අනාවරණය නොවූ නිසා ඒ ගැන කඩුවෙල පොලිසිය සිදු කරන පරීක්ෂණය සඳහා ජංගම දුරකථන හතක ඇමතුම් අවශ්‍යවී ඇත.
මෙම තරුණයා එදින රාත්‍රියේ

ඒවායින් කිහිපයක් භාවිත කර ඇතිය යන්න නිසා මෙම අංක සියල්ලම පරීක්ෂාවට ලක්කරන්නට පොලිසියට අවශ්‍යවී ඇත.
ඔක්තෝබර් 26 දින මියගිය 24 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ ලහිරු ජනිත් දිසානායක නමට ලියාපදිංචි ජංගම දුරකථන හතක දත්ත වාර්තා අදාළ සමාගම් හරහා ලබාගන්නට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදී ඇත.
සමාගම් තුනකට අයත් ජංගම දුරකථන අංක හතක් ඒ අනුව පරීක්ෂාව සිදු කෙරේ.
මෙම තරුණයාගේ මරණය තවමත් විවෘත තීන්දුවකින් වසන් කර තිබෙන අතර ඔහුට ස්වාභාවික මරණයක් අත්වී ඇතැයි සරණ පරීක්ෂණ වලින් කියැවී නැත.
වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad