රාජිත දුම්කොල සමාගමෙන් මිලියන 500 ක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

රාජිත දුම්කොල සමාගමෙන් මිලියන 500 ක් ඉල්ලයි

රාජිත දුම්කොල සමාගමෙන් මිලියන 500 ක් ඉල්ලයි

අයවැය යෝජනා මගින් දුම්කොල සමාගමෙන් දුම්පානයට එරෙහි ප‍්‍රචාරක වැඩපිළිවෙලක් සදහා රුපියල් මිලියන 500 ක මුදල බදු වශයෙන් ලබාගෙන ජනාධිපති අරමුදලට ප‍්‍රදානය කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අද (27) ඉල්ලා සිටියේය. 

සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය 2003 වසරේ අත්සන් කළ FCTC ප‍්‍රඥප්තියට අනුව දුම්කොල සමාගමක් සමග සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු සදහා ගණුදෙනු කිරීම සහ දුම්කොල සමාගමක් ලබාදෙන මූල්‍ය ප‍්‍රතිපාදන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ලබා ගැනිම උචිත නොවන බවයි. මෙම ප‍්‍රඥප්තියට රටවල් 182 ක් අත්සන් කර ඇති අතර, ආසියානු කළාපයෙන් ප‍්‍රඥප්තියට අත්සන් කර ඇති පළමු රට ශ‍්‍රී ලංකාවයි. 

කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ අද (27) පෙරවරුවේ පැවැති පාගමනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කර තිබේ. කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ සිට මහජන පුස්තකාලය දක්වා පාගමන ගමන් කළ අතර, පිටකොන්දේ විකෘතිවීම් නිසා ඇතිවන රෝගී තත්ත්වයට පත්ව ඇති දරුවන් වෙනුවෙන් අරමුදලක් ද මෙහිදී ස්ථාපනය කරන ලදි. එහි පළමු රුපියල් ලක්ෂ 05 ක චෙක් පත ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පී පේ‍්‍රමසිරි හේවාවසම් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි.

ඉන් පසුව මාධ්‍යට අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “දුම්කොල සමාගමෙන් රුපියල් මිලියන 500 ක මුදල ලබාගැනීම මම ප‍්‍රතික්ෂේප කරනවා. මම මේ පිළිබදව මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. මුදල් අමාත්‍යවරයා එය නොදැනුවත්ව අයවැය යෝජනා මගින් ප‍්‍රකාශ කර තිබෙනවා. එම මුදල දුම්කොල සමාගමෙන් බදු වශයෙන් ලබාගෙන ජනාධිපති අරමුදලට ප‍්‍රදානය කරන මෙන් මම මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.” 

“නාවල සිංහ සමාජය විසින් අද දින පවත්වන පිටකොන්ද විකෘතිවීමි රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ පාගමන ඉතා වැදගත් එකක්. ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාව තුල පිටකොන්ද විවෘතිවීෙමි රෝග තත්ත්වය දක්නට ලැබෙනවා. මෙම නිසා පිටකොන්ද සම්පුර්ණයෙන් ආබාධිත තත්ත්වයට පත්වන්නට පුළුවන්. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ පොත් බෑගය හේතුවෙන් මෙම තත්ත්වයට ගොදුරුවන දරුවන්ගේ සංඛ්‍යාව ද වැඩි වී තිබෙනවා. එම නිසා වෛද්‍යවරුන් විසින් නිවැරදි පොත් බෑගයක් පාසල් දරුවන්ට හදුන්වා දුන්නා. පිටකොන්ද සියයට 35 ක් දක්වා විකෘතිවීමක් සිදුවුවහොත් වෛද්‍ය පරීක්ෂණයකට ලක්ව නිරෝගි විය හැකි අතර, එසේ නොමැති නම් ශල්‍ය කර්මයකට ලක් කළ යුතු වෙනවා. දරුවන් ඇදුම් ඇදගෙන සිටිීම නිසා පිටකොන්ද විකෘතිවීම් දකින්න ලැබෙන්නේ නැහැ. එම නිසා මෙම රෝගය මුලින්ම හදුනාගත යුතුයි.”

 

No comments:

Post a Comment

Post Bottom Ad