කළු සල්ලි හොයන්න රු 5000 නෝට්ටුව තහනම් වෙයි…? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

කළු සල්ලි හොයන්න රු 5000 නෝට්ටුව තහනම් වෙයි…?

දූෂිත මුදල් ආර්ථික ප්‍රවාහයට ගෙන ඒම සඳහා රුපියල් 5,000 නෝට්ටුව තහනම් කරන්න යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කොළඹදී අද (21දා) පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

එසේම ඒ හරහා කළු සල්ලි ළඟ තබාගෙන ඇත්තේ රාජපක්ෂවරුද එසේත් නොමැතිනම් මහ බැංකු හොරුදැයි යන්න දැනගත හැකි බවත් ඔහු පවසා තිබේ.


“දූෂිත සල්ලි මුදල් නෝට්ටු, රත්රන්, මැණික්, මුතු හා දියමන්ති ලෙස ඔවුන් සන්තකයේ තබාගෙන සිටිනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය දේපොළ සොරකම් කර කළු සල්ලි ළඟ තබාගෙන ඇත්තේ රාජපක්ෂවරුද, එහෙමත් නැත්නම් මහබැංකු හොරුද කියලා දැනගන්න නම් ලංකාවේ 5000 නෝට්ටුව අවලංගු කරන්න.


එහෙම වුණාම රටට හෙළි කරන්න බැරි මුදල් බැංකු පද්ධතියට ගෙන එන්න සිදුවෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි 1973දී එවකට මුදල් ඇමති එන්.එම් පෙරේරා මහතා එවකට තිබුණ ඉහළම මුදල් නෝට්ටුව වන රුපියල 100 නෝට්ටුව තහනම් කළා.”
යනුවෙන් හෙතෙම පවසා තිබේ.


එසේම සොරාගෙන ඇති රාජ්‍ය දේපොළ නැවත සොයාගැනීම සඳහා පත්කළ ජනපති කාර්යසාධන බළකායට මෙතෙක් එක් රුපියලක්වත් සොයාගැනීමට නොහැකි වී තිබෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad