'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි

'ළමයි 5යි වැසිකිළි 5යි' - පළාත් සභා මන්ත්‍රී වැසිකිළි සෙල්ලමක් හෙළිකරයි

ඵලදායිතාවෙන් තොර, සිසුන්ගේ හිඟය නිසා වැසී යන පාසල් සඳහා ද වැසිකිළි පහසුකම් ලබාදීමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ සබරගමු පළාත් සභා මන්ත්‍රී ඉෆ්ලාර් යෙහියා මහතා පවසයි.

ළමුන් 05දෙනෙකු සිටින වැසිකිළි 05ක් ඇති පාසලකට තවත් වැසිකිළි 07ක පද්ධතියක් වෙන්කර ඇති බව පැවසූ ඒ මහතා එවැනි අනවශ්‍යය ස්ථානවලට සනීපාරක්ෂක පහසුකම් වැනි භෞතික සම්පත් ලබාදීමෙන් විශාල මහජන මුදලක් අපතේ යාමක් සිදුවන බව පෙන්වා දුන්නේය.

තමන් මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් මාසික රැස්වීමේදී පෙන්වා දුන් බවත් වැසිකිළිවලට වඩා පන්ති කාමර සහ වෙනත් භෞතික අවශ්‍යතා ඇති දරුවන් වැඩිපුර සිටින ඵලදායී පාසල් සඳහා පහසුකම් සලසනු වෙනුවට මෙවන් අනර්ථකාරී වියදම් සිදුකිරීම සම්බන්ධයෙන් වහාම සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු කියාසිටියේ මධ්‍යම රජයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියට අනුව තෝරාගත් සියලුම පාසල් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

ළමුන් අධික පාසල්වල එක් පන්තියක ළමුන් 35දෙනෙකුට වැඩියෙන් සිටින නිසා එවැනි පාසල්වල අලුතින් සමාන්තර පන්ති ආරම්භ නොකර ආසන්න පාසල සංවර්ධනය කර එම පාසලට ළමයි යොමුකිරීම අරමුණු කරගෙන පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් එසේ දිගුකාලීන අරමුණක් මත මිස නිකරුණේ මුදල් වැය නොකරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad