දුප්පත් කම නැති කරන්න රතන හිමියෝ කෝටි පහක සැප වාහනයක් රටින් ගෙන්වති.. ලක්‍ෂ 330ක රේගු බද්දත් නොගෙවති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

දුප්පත් කම නැති කරන්න රතන හිමියෝ කෝටි පහක සැප වාහනයක් රටින් ගෙන්වති.. ලක්‍ෂ 330ක රේගු බද්දත් නොගෙවති..

රටේ ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක අනවශ්‍ය බවත් ඒ තුලින් රටේ වකුගඩු රෝගය ව්‍යාප්ත වන බව පවසමින් විශාල හඩක් නගන යහපාලනය ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙස මහන්සිවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රී අතුරුලියේ රතන හිමිගේ නමට අධි සුඛෝපභෝගි වාහනයක් අනානයනය කර ඇත.

රුපියල් මිලියන 33 රේගු බද්දක් නොගෙවා නිදහස් කරගත් මෙම වාහනය ටොයොටා ලෑන්ඩ් කෲෂර් ප‍්‍රාඩෝ රථය සමාන්‍ය වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වෙයි.

රටේ දුප්පත්කම තුරන් කිරිම මෙන්ම පරිසරය ගැන හඩක් නගමින් ජනතාවට සේවයක් කිරීම සඳහා මෙතරම් වටිනාකමින් යුක්ත අධි සුඛෝපභෝගි වාහනයක් අවශ්‍යයිද යන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මේ දක්වා රැස්වීම 7 කට පමණක් සහභාගි වීම යන කරුණු පදනම් කරගෙන රේගු අධ්‍යක්ෂක ජෙනරාල් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

මෙම පැමිනිල්ල ඉදිරිපත් කොට ඇත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකරුවකු වන නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු විසිනි.




No comments:

Post a Comment

Post Bottom Ad