ලංකාවෙන් ගිය 32ක් අයි.එස් සංවිධානයට එක්වෙයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

ලංකාවෙන් ගිය 32ක් අයි.එස් සංවිධානයට එක්වෙයි 

ලංකාවෙන් ගිය 32ක් අයි.එස් සංවිධානයට එක්වෙයි 

ශ්‍රී ලංකාවේ පවුල් 4කට අයත් පුද්ගලයින් 32ක් සිරියාව බලා ගොස් අයි.එස් ත්‍රස්ත සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(18)පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇතැම් වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර හා අන්තවාදී ප්‍රකාශ නිකුත්වන බවත් ඒවායින් ජනයා නොමග යන බවත් අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අයුරින් අධිකරණයට අපහාස වන ලෙස දිගින් දිගටම පුවත් පළකරන ලංකා ඊ නිව්ස් කර්තෘවරයා ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනවිත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද සිට රටේ ආගම්වාදී අන්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් මේ අතර ලංකාවේ විදේශීය ඔත්තු සේවා කිහිපයක්ද ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad