කුරුණෑගලදී පොලීසියට වෙඩි: එස්. අයි මරුට - 2ක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 16, 2016

කුරුණෑගලදී පොලීසියට වෙඩි: එස්. අයි මරුට - 2ක් රෝහලේ

කුරුණෑගලදී පොලීසියට වෙඩි: එස්. අයි මරුට - 2ක් රෝහලේ
කුරුණෑගල මාස්පොත ආපන ශාලාවක වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අදාළ ආපන ශාලාවේ සැකකටයුතු දෙදෙනකු සිටින බවට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ තිදෙනා එහි ගොස් ඇතැයි වාර්තා වේ.

ඔවුන් සැකකරුවන් පරීක්ෂා කිරිමට උත්සාහ කරද්දී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. එක් සැකකරුවකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad