දඹුල්ලේ පාසලකට අමුතු පත්වීම් 29ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 15, 2016

දඹුල්ලේ පාසලකට අමුතු පත්වීම් 29ක්

දඹුල්ලේ පාසලකට අමුතු පත්වීම් 29ක්
අධ්‍යාපන අමාත්‍යංශය මගින් දඹුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට අරක්කැමියන් 4 දෙනකු සහ කම්කරුවන් 25 දෙනකු සඳහා පත්වීම් ලබා දී අැති බව වාර්තා වේ.
එම විද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම් කිසිවක් නොමැති අතර විශාල කම්කරුවන් පිරිසක් සීමිත සිසුන් පිරිසක් ඉන්න මෙවන් පාසලකට එවීම පිළිබඳවත්, මුළුතැන්ගෙයක් හෝ නොමැති සිය පාසලට අරක්කැමියන් හතර දෙනකු සේවයට එවීම පිළිබඳවත් විද්‍යාලයේ ගුරුවරු විමතිය පළ කොට සිටිති.

පත්වීම් ලබා දී ඇති කම්කරුවන් 25 දෙනාගෙන් 23 දෙනකුම කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සෙසු දෙන්නා දඹුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ බිරිඳක් හා ඥාතියෙකු බව ගුරුවරු සඳහන් කරති.

අරක්කැමි තනතුර සඳහා කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි දෙදෙනෙකු මෙලෙස එවා ඇති අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් දීප්ති පෙරේරා මහතා පවසා ඇත්තේ විද්‍යාලයේ ඉල්ලීම පරිදි විධිමත් ලෙස සම්මුඛ පරීක්ෂණ තබා මේ පිරිස බඳවාගෙන ඇති බවයි.


අරක්කැමියන් එවා ඇත්තේ ඉදිරියේදී මෙම පාසල්වල නේවාසිකාගාර ඉදිකිරීමේ සැලසුම් ඇති නිසා බව ද ඔහු පවසා ඇත. එමෙන්ම මෙම පත්කිරීම් ලබාදීමේදී කුලියාපිටියට විශේෂ වෙනසක් කර නැති බවත්, සියල්ල බෙදී යන ආකාරයට පත්වීම් සිදුකර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

කුලියාපිටියෙන් වැඩියෙන් ඉල්ලුම් කර ඇති නිසා ඇතැම්විට එම ප්‍රදේශයේ පුද්ගලයින් වැඩි පිරිසක් පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පවස ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad