අපී කියු දෙයක් වැරදිලා නැත… අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද පනතේ 27.(iii) වගන්තියේ ඇති බළලා මල්ලෙන් එළියට

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන ලංකාවේ නීතියට අදාල කර ඇත.

මෙම ජාත්‍යන්තර සම්මුතිය ලංකාවේ නීතියට අදාල කරමින් නීති පනවා තිබුණද එය රාජ්‍ය භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් පාර්ලිමේන්තුවට ලබා දී නැති අතර මෙම නෛතික වරද නිවැරදි කරිමට සහ එය ජනතාව හමුවේ අවධානය යොමු කිරීම සදහා  lankanewsweb.todayවෙබ් අඩවිය මගින් මහත් වූ ප්‍රයත්නයක් දරන ලදී. 

ඒ පිළිබදව lankanewsweb.today හී පළවී ඇති ලිපි කිහිපයක් සදහා යොමු විය හැකි සම්බන්ධතා පහත දක්වා ඇත. එසේ වුවත් සත්‍ය ජනතාව වෙත යොමු වීම වැළක්වීම සදහා මෙම වෙබ් අඩවියට ලංකාව තුළ අන්තර්ජාල ප්‍රවේශය අහිමි කිරීමට බලධාරීන් කටයුතු කිරීම විශාල අත්වැරැද්දක් විය හැකි බව අනාගතයේ පැහැදිලි වනු අත.

 2016.11.13 වැනි ඉරිදා දිවයිනපුවත් පතේ ප්‍රධාන පුවත් වී ඇත්තේ “විග්නේෂ්වරන් සාම හමුදාවක් ඉල්ලයි” යනුවෙන් කීර්ති වර්ණසූරිය ලියා ඇති ලිපියකි. තවම “විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සාම හමුදාවක් ඉල්ලයි” යනුවෙන් හෝ “සුමන්තිරන් සාම හමුදාවක් ඉල්ලයි” යනුවෙන් ඉල්ලීම් කර නැති බව සත්‍යයකි. 

නමුත් එවැනි ඉල්ලීම් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හෝ සුමන්තිරන් ඉල්ලන්නේ ඒ සදහා අවශ්‍ය පසුබිම 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් සපුරා ගැනීමෙන් පසු විය යුතු බවට අටුවා ටිකා ටිප්පනි අවශ්‍ය නොවේ. “ගහ දන්නා අපට කොළ කඩා පෑ යුතු නොවේ”.

“ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා” කිව්වේ අතීතයේ ය. “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරැව” සිහිවන්නේ සභ්‍යත්ව රාජ්‍ය කරා අප යන ගමනක පෙර ගමන්කරුවන් කියනා සහ කරමින් සිටින දේ දකින විටය. රටේ ජනතාව 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය පිළිබද අනවභෝධයෙන් ක්‍රියා කරන්නේ නම් සහ එහි සැගවී ඇති බෙදුම්වාදී සෙවනැළි පිළිබද විද්වත් කතිකාවක් ආරම්භ නොකරන්නේ නම් ෆෙඩරල් ව්‍යවස්ථාව මෙන්ම එක්සත් ජාතීන්ගේ හමුදා උතුරට ගොඩවීම ශක්තිමත් වීම මිස දුර්වලවීමක් සිදු නොවේ.

 මේ වන විටත් වෙනම රටක් සදහා අවශ්‍ය වන“නෛතික බලපත්‍රය” උතුරට හිමී වී අති බව 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තියේ අති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතියේ” 42 වන ව්‍යවස්ථාවේ ඇති ජාත්‍යන්තර යුක්ති අධිකරණ ක්‍රියාදාමය මගින් තහවුරුවෙයි.

 1970 බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් එංගලන්තයේ රාජාධිකරණය සතු අභියාචනා අධිකරණ බලය අහෝසි කර ලංකාවේ ශේෂ්ඨාධිකරණය උත්තරීතරම අධිකරණය බවට පත්කර ගත්තද මේ වන විට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා ඉහළ අධිකරණයක් ලෙස ජාත්‍යන්තර යුක්ති අධිකරණය ලංකාවේ ව්‍යවස්ථාදායකය විසින් සාමාන්‍ය බහුතර ඡන්දයෙන් පිළිගෙන තිබීම දෛවයේ සරදමක් මිස වෙනකක් නොවේ. 

ලංකාවේ නීති විශාරදයින් ජනතාව නොදන්නා ජාත්‍යන්තර සම්මුතියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණට වඩා ඉහළ අධිකරණයක් ලංකාවේ නීතියට ඇතුළත් වන අවස්ථාවේ නිහඩ පිළිවෙතක් අනුගමන කළේ ඇයිද යන්න සමාජ ප්‍රශ්නයකි.

 2016 අයවැය යෝජනා මගින් සිසු දරුවන්ගේ දෑතට ටැබ් ලබා දී,උදැල්ල ඇමෙරිකාවේ ට්‍රම්ප්ට දීම ප්‍රඥ්ඥාගෝචර බව සිතන  පාර්ලිමේන්තුවක් ලංකාවේ අධිකරණ බලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවරීම පිළිබද පුදුම විය යුත්තේ නොවේ.

 ජල පෝෂණ ප්‍රදේශයක් මෙන්ම කෘෂිකාර්මික කටයුතු සදහා ඉතා සුදුසු පසක් ඇති බස්නාහිර පළාතේ මහා නගර ව්‍යාපෘති කරමින් සාරවත් භූමිය කොන්ක්‍රීට්වලින් වසමින්, හම්බන්තොට, පුත්තලම, වව්නියාව වැනි කෘෂිකර්මයට සුදුසු නොවන පළාත්වල වගා කිරීමට උත්සාහ කරන ආණ්ඩුවකින් අප මෙවැනි දැ මිස වෙන දෙයක් බලා පොරොත්තු විය යුතු නො වේ.

 “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බද්ධියෙන් ඇසිය යුතු” හෙයින් මේ සම්බන්ධව දැනුවත් වීම අවබෝධය පුළුල් වීමට හේතුවෙයි. දියෙන් කිරි වෙන් කිරීම දුෂ්කර මෙන්ම ඊනියා නායකයන්ගෙන් දුබලයන් බේරා ගැනීමද දුෂ්කර වෙයි.

 යාපනය විශ්ව   විද්‍යාලයේ උඩරට නැටුම් ගුටි කෙළිය මගින් මෙන්ම, පොලීසියේ වෙඩි පහරින් සරසවි සිසුන් මිය යාමත් උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් විසින් එක්සත් හමුදාවන්ගේ අවශ්‍යතාවය සම්බන්ධව සිදුකරන ප්‍රකාශ මගින්ද සනාථ කරන්නේ උතුරේ සාමකාමී පැවැත්ම සදහා රජයේ නොහැකියාවයි.

 මෙහිදී රටේ ජනතාව වටහා ගත යුත්තේ 2009 මැයි 19 දින නන්ද්කඩාල් කළපුවේදී යුද්ධය අවසන් කරන අවස්ථාවේ සහ එයට පෙරපැවති ආණ්ඩු විසින් එක්සත් ජාතීන්ගේ හමුදා උතුරට ගෙඩබැස්සවීමට නෛතික අවස්ථාවත් විවරකර දී නොතිබුණද 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින් උතුරේ ජනතාවගේ ආරක්ෂාව සදහා එක්සත් ජාතීන්ගේ හමුදා ගෙඩබැස්සවීමට ලංකාවේ පාර්ලිමේන්තුව 2016 දී එකගත්වය දී පිළිගෙන ඇති බවයි. 

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතියේ 42 වන ව්‍යවස්ථාවේ ඇති ජාත්‍යන්තර යුක්ති අධීකරණ ක්‍රියාදාමය පාර්ලිමේන්තුව මගින් ඒකච්ඡන්දයෙන් පිළිගැනීමෙනි. එක්සත් ජාතීන්ගේ හමුදා ගෙඩබැස්සවීමට අවශ්‍ය පරිසරය උතුරේ නිර්මාණය කරගනිමින් බෙදුම්වාදීන් තම ඉලක්ක කරා නිසි ලෙස හබා යද්දී සහ ස්ථානගත වෙද්දී, දේශප්‍රෙමීන් යැයි කියා ගනිමින් දකුණේ පිරිසක් විවිධ කණ්ඩායම් තනා ගනිමින් විදේශ සංචාර ඉලක්ක කරන ව්‍යාපෘති හුදු සටන් පාඨ පමණක් ගොඩනගමින් සිටිති.

 නීතීඥ උණවටුන කේ. අරැණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)
arunaunawatuna@gmail.com
2016.11.13
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද පනතේ 27.(iii) වගන්තියේ ඇති ජාත්‍යන්තර සමිමුතිය පිළිබද ලියවී ඇති ලිපි සදහා පහත සම්බන්ධතා සදහා යොමු වන්න.

 ගංවතුර, නායයාම් සහ කොස්ගම හමුදා කදවුර පිපිරවීම අස්සේ ජනතාව නොදන්නා “ජාත්‍යන්තර සම්මුතියක්” නීතිගත වූ ආකාරය

http://ift.tt/2fvnXfy

 බෙදුම්වාදී සිරිසේන,රනිල් නඩය රට,රණවිරුවන් බිල්ලට දිම හොර      පාරෙන් පාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් හැටි

http://ift.tt/2bBGbLH

 තමන් ඉදිරියේ නැති ජාත්‍යන්තර සම්මුතියක් නීතිගත කරදුන්     පාර්ලිමේන්තුවේ ගොබ්බයෝ සහ ඊනියා නීති විශාරදයෝ

http://ift.tt/2fvnVUY

සේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීම ඇසුරෙන් “ජාත්යාන්තර සම්මුති” පිළිබද කියවීමක් සහ“බෙදුම්වාදී ජාත්යාන්තර උගුලෙන්”ලංකාවේ ගැලවීමේ මග

http://ift.tt/2fO37eg

“ජාත්‍යන්තර සම්මුතිය” රජ්‍ය භාෂාවෙන් දකුණට නොදී වෙනම රටක් සදහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට දුන්නේ ඇයි?

http://ift.tt/2eIno2h

උතුරේ කළබල මැඩීමට යාපනයට UN හමුදාව.. මෙන්න ඇත්ත

http://ift.tt/2fO7Xbv

 යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් මර නින්දෙන් දකුණ ඇහැරැණ යාපනය   විශ්ව  විද්‍යාලයේ උඩරට නැටුම් ගුටි කෙළිය

http://ift.tt/2fvoZbA



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න