ඉන්දියාවේ පාසල් 27කට ගිනි තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

ඉන්දියාවේ පාසල් 27කට ගිනි තබයි

ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ පිහිටි පාසල් 27ක් ගිති තබා විනාශ කර තිබෙනවා.

එරට බෙදුම්වාදී කණ්ඩායමක් විසින් මෙම විනාශය සිදුකරන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

පසුගිය දින කිහිපය පුරාවට පවතින ඉන්දු පාකිස්තාන දේශ සීමා ගැටුම් නිසා පාසල් 200කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට ඉන්දීය රජය පියවර ගැනුනා. මෙලෙස වසා දමා තිබු පාසල් 27කටයි එරට බෙදුම්වාදී කණ්ඩායම ගිනිතබා ඇත්තේ.

මේ අතර එරට බෙදුම්වාදී කණ්ඩායම් විසින් පාසල් සිසුන්ට ද පහර දී පළවාහැර පාසල් ගොඩනැගිලි ද යුද ක්‍රියාකාරකම් සදහා යොදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කාශ්මීරයේ පාසල් රැසක් බෙදුම්වාදී ගැටුම්වල ප්‍රධාන ඉලක්ක බවට පත්ව තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad