ත්‍රී රෝද රථ පැදවීමේ අවම වයස් සීමාව 25 කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 24, 2016

ත්‍රී රෝද රථ පැදවීමේ අවම වයස් සීමාව 25 කෙරේ

වර්තමානයේ තරුණ පරපුර පහසු රැකියාවක් ලෙස තෝරාගෙන තිබෙන ත්‍රීරෝද රථ පැදවීම නොයෙකුත් අනතුරු වලට සමාජ ප්‍රශ්න ලට මෙන්ම තරුණ ශ්‍රමය නාස්ති කිරීමට හේතුවන බැවින් ඉදිරියේදී ඒ
සම්බන්ධයෙන් වයස් සීමාවක් හා පරිවාස කාලයක් පණවන බව මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ දන්වා සිටී.

ත්‍රී රෝද ලීසිං කර ලබාගැනීමේ පහසුව මත මේ වනවිට බොහෝ තරුණ පිරිස් පාසල් හැරයාමෙන් පසු ලෙහෙසියෙන්ම පිවිසෙන වෘත්තිය බවට ත්‍රීරෝද රථ තෝරාගෙන ඇති බවත් එයින් මේ දක්වා සිදුව ඇති අනතුරු හා සමාජ ප්‍රශ්න රැසක් අඩු වයස් කාන්ඩවල අයගේ අවභාවිතාව මත සිදුවන බව සමීක්ෂණ ඇසුරින්ද අනාවරණයවී ඇතැයි ඔහු පවසයි. ඒ අනුව ත්‍රීරෝද ටැක්සි ලෙස භාවිත කිරීමේ අවම වයස 25 කිරීමටත් වසර 2 ක පරිවාස කාලයක් ලබාදීමටත් යෝජනා කර ඇතැයි ඔහු පවසා තිබේ. ඒ ගැන ඔහු කරන විස්තරය පහත පරිදිය.

No comments:

Post a Comment

Post Bottom Ad