වයස 25 තෙක් ත්‍රී රෝද රථ රියදුරන්ට අහිමි වන බලපත්‍රය මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

වයස 25 තෙක් ත්‍රී රෝද රථ රියදුරන්ට අහිමි වන බලපත්‍රය මෙන්න…

මගී ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද රථ බලපත්‍රය ලබාගැනීමේ වයස් සීමාව අවුරුදු 25 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසා තිබේ.

සභාපතිවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ත්‍රිරෝදරථ සංගම් 18ක් සමගින් මේ වනවිටත් සාකච්ඡා කර ඇති බවත්, එම සියලු සංගම් ඊට එකඟතාව පළකර ඇති බවත්ය.


“මාධ්‍ය මෙය වරදවා පළ කරලා තියෙනවා අවුරුදු 25 වනතුරු ත්‍රිරෝද රථ සඳහා බලපත්‍ර ගන්න බෑ කියලා. එහෙම දෙයක් නෙවෙයි මෙතනදී වෙන්නෙ. ඕනෑම කෙනෙකුට වයස අවුරුදු 18 සම්පූර්ණ වනවිට රියදුරු බලපත්‍රය ලබාගෙන ත්‍රිරෝද රථයක් පැදවීමේ අයිතිය තියෙනවා
නමුත්, ත්‍රිරෝද රථය මගින් ප්‍රවාහනය සඳහා යොදාගන්නවා නම් ඊටද බලපත්‍රයක් ලබාගත යුතුයි. 


එම බලපත්‍රය ලබාගැනීමට හැකි වයස අවුරුදු 25 දක්වා ඉහළ දැමීම තමයි මෙතනදී වෙන්නෙ. මොකද මගීන්ට කිසිම ආරක්‍ෂාවක් නෑ, ත්‍රිරෝද රථ රියදුරාගේ පැත්තෙන් හෝ රක්‍ෂණය පාර්ශ්වයෙන්. අනතුරක් සිදුවුවහොත් මගියාට රක්‍ෂණ ගෙවීමක් සිදුකරන්නේ නෑ. ශරීර හානියක් සිදු වුවහොත් මගියා අසරණ වෙනවා. ත්‍රිරෝද රථ රියදුරාට විශාල වගකීමක් තියෙනවා මගී ප්‍රවාහනයේදී මිනිසුන්ගේ ජීවිත ආරක්‍ෂා කරන්න.

එම ආරක්‍ෂාව නීතිමය පැත්තෙන් තහවුරු කරන්න තමයි අපි මෙතනදී උත්සාහ කරන්නෙ” යැයි වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වූ වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ත්‍රිරෝද රථ සංගම් ප්‍රධානීන්ගේ අදහස්ද සැලකිල්ලට ගැනීමෙන් පසු අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කරන බව ප්‍රකාශ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad