සිංහයන් ජයගනී – රංගන ලෝක වීරයන් අතරට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

සිංහයන් ජයගනී – රංගන ලෝක වීරයන් අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රි ලංකාව ලකුණු 257ක් ජයක් වාර්තා කර තිබේ.

සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 233කට සීමා විය. රංගන හේරත් ලකුණු 63ක් තුළ කඩුලු 08ක් ලබා ගැනීම විශේෂත්වයක්.


Sri Lanka 504 & 258/9d
Zimbabwe 272 & 233 (58.0 ov)

මේ අතර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයත් සමග රංගන හේරත් තවත් වාර්තා කිහිපයක් මෙම තරගයේ දී පිහිටුවා ඇත.

ටෙස්ට් ක්‍රීඩා කරන ඕනෑම රටකට එරෙහිව තරගයක දී කඩුලු 05ක් දවා ගත් ලොව තුන්වන ක්‍රීඩකයා ලෙස ඔහු මේ වන විට පත්ව සිටියි. එමෙන්ම කඩුලු 5 බැගින් වැඩිම වාරයක් දවා ගත් ක්‍රීඩකයන් අතර හය වැනියා ලෙසත් ඔහුගේ නම වාර්තා පොත්වලට එක්ව තිබේ.

එමෙන්ම රංගන හේරත් 2010 වසරේ ජුලි 01 වන දින මුරලිදරන් සමුගැනීමෙන් අනතුරුව ටෙස්ට් කඩුලු 272ක් ලබා ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad