මහින්ද හිටියා නම් 2017 දී රටේ දුප්පත්කම ඉවරෙටම ඉවරයි.. මහ බැංකුවේ අලූත්ම වාර්තාවෙන් හෙලිවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 26, 2016

මහින්ද හිටියා නම් 2017 දී රටේ දුප්පත්කම ඉවරෙටම ඉවරයි.. මහ බැංකුවේ අලූත්ම වාර්තාවෙන් හෙලිවේ..

මහින්ද රාජපක්ෂ යුගයේ එනම් 2005 සිට 2014 දක්වා දශකය ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්වර්ණමය යුගය ලෙස හැදින්වීමට හැකි බවත් ලොව බිහිසුනම ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරමින් 2005 වනවිට 18ක් පමණ තිබු රටේ දුගීබව 2014 අවසන් වන විට 3%කට වඩා අඩු මට්ටමට ගෙන ආ බවත් 2017 වසර වන විට දුප්පත්කම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමටත් අවශ්‍ය සියලු පියවර ගෙන තිබු බවත් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

එසේ සාර්ථක ඉලක්කයක් කරා යාමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට හැකි වූයේ ඔහු සමඟ දක්ෂ ඇමති මණ්ඩලයක් මෙන්ම නිලධාරින් පිරිසක් සිටි නිසා බවද කී හිටපු ඇමතිවරයා මහින්ද යුගයේ 3% වඩා අඩු කළ දුප්පත්කම යූඑන්පී ශ්‍රීලංකා හවුල් ආණ්ඩුවට ඇමතිවරු 89 ක් සහ දිස්ත්‍රික් සංවර්ධනය කමිටු 25ක් තිබීලත් එම ඉලක්ක සපුරා ගැනිමට නොහැකි වී ඇති බවක් පෙනෙන්නට ඇති බවද කියා සිටියේය.

සරත් අමුණුගම අමාත්‍යතුමා යටතේ තවත් ඉහළ පෙලේ කමිටුවක් 2017 දුප්පත්කම තුරන් කිරීමට ජනාධිපතිවරයා විසින් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ බව පැවසීය.


ශ්‍රී ලංකාවේ ද්‍රරිද්‍රතාව දර්ශකය අනුව 1995-96 වසරේ පැවති 28.8% සිට 2009-10 වසර වනවිට 8.9% දක්වා ද 2012-13 වසර වනවිට 6.7% දක්වා ද අඩුවී ඇති බවත් 2012-13 වසරේ දි එය 3% කට වඩා අඩු අගයකට පහත වැටී ඇති බවත් 2015 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිටු අංක 27 උපුටා දක්වමින් ඔහු කියා සිටියේය.

එහෙත් වත්මන් ජනාධිපතිවරයා විසින් රටේ ද්‍රරිද්‍රතාව 2017 දි තුරන් කිරීමට ඇමතිවරු ආණ්ඩුකාරවරු, ඇතුළු රජයේ ඉහළ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවීමට හේතුව බොහෝ දුරට මෙතරම් විශාල අමාත්‍යාංශ ගණනාවක්ම මෙන්ම ඇමතිවරු සිටියත් ඔහුගෙන් රටේ දුප්පත්කම තුරන් කිරීමට අවශ්‍ය පියවර හරියාකාරව මෙතෙක් ගෙන නොමැති බවද පෙන්වා දුන් රාජපක්‍ෂ මහතා පසුගිය රජය භාර දෙන විට තිබු 3%ට වඩා අඩු මට්ටමේ දුප්පත්කම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට පිහිටුවා ඇති අමාත්‍යාංශ වලින් නිසියාකාරව දායකත්වය ලබාදීමට අපොහොසත් වී ඇති බවද පැවසීය.


 

No comments:

Post a Comment

Post Bottom Ad