පැපිලියානේ රෙදිපිළි ගබඩාවක ගින්නක් - පාඩුව මිලියන 200යි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

පැපිලියානේ රෙදිපිළි ගබඩාවක ගින්නක් - පාඩුව මිලියන 200යි (VIDEO)

පැපිලියානේ රෙදිපිළි ගබඩාවක ගින්නක් - පාඩුව මිලියන 200යි (VIDEO)

කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයේ පැපිලියාන මංසන්ධියේ පිහිටි ෆැෂන් බග් රෙදිපිළි ආයතනයේ ගබඩාවක්‌ තුළ පසුගිය 19 වැනිදා රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති අතර ඉන් එහි තිබූ රුපියල් කෝටි ගණනක්‌ වටිනා දේපළ විනාශ වී තිබේ.

පෙරේදා රාත්‍රි 9.25 ට පමණ හටගත් ගින්න නිවා දැමීමට පැය 10 කට අධික කාලයක්‌ ගතවූ බව බොරලැස්‌ගමුව පොලිසිය පවසයි.

මෙම ගින්න නිවා දැමීම සඳහා දෙහිවල, ගල්කිස්‌ස, මොරටුව, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්‌ටේ නගර සභාවල ගිනි නිවීමේ රථ 05 ක්‌ද, ගුවන්, නාවික, පොලිස්‌ විශේaෂ කාර්ය බලකා සෙබළුන්ගේ හා පොලිසියේ නිලධාරීහු දැඩි වෙහෙසක්‌ දරා ඇති අතර ගින්න ෆැෂන් බග් ආයතනයේ රෙදිපිළි ගබඩාවේ දෙවැනි හෝ තුන්වැනි මහලින් හටගන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.

ගින්න හටගන්නා අවස්‌ථාවේ එම ආයතනයේ ගබඩාවේ සේවකයින් 10 දෙනකු පමණ සිට ඇති අතර පසුව ඔවුන් ගබඩාවෙන් එළියට පැන දිවි බේරාගෙන තිබේ.

මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක්‌ද එසේත් නොමැතිනම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි‍ෙ

මීට පෙර මෙම ෆැෂන් බග් ආයතනයට කඩාවැදුණු කලහකාරීන් පිරිසක්‌ එම ආයතනයේ දේපලවලට පහරදී අලාභහානි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්‌ විභාග වෙමින් තිබේ.

මෙම ෆැෂන්බග් ආයතනය අසල සවිකර ඇති සී. සී. ටී. වී. කැමරා දර්ශනද පරික්‍ෂාවට ලක්‌කරන බව පොලිසිය පැවසූ අතර මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇත.

මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස්‌ අධිකාරි විදුර ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ බොරලැස්‌ගමුව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංක සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

එමෙන්ම ඊයේ (20) රජයේ රස පරීක්‍ෂකවරයාද ගින්න හටගත් ස්ථානයට පැමිණ පරීක්‍ෂණ මෙහෙයවීය.

මේ අතර ගින්න ඇති වන විට එම ආයතනයේ සවිකර ඇති සී. සී. ටී. වී. කැමරා 02ක්‌ එහි සේවකයකු විසින් පිටතට රැගෙන යැමට උත්සාහ ගත් අවස්‌ථාවේ පොලිසිය විසින් එම කැමරා පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වේ.

වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad