ලක්සල බංකොලොත්.. ‘අපේගම’ පිහිටි වටිනා ප්‍රදර්ශනාගාරය කෝටි 19කට පවරන්න කැබිනට් පත්‍රිකාවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 28, 2016

ලක්සල බංකොලොත්.. ‘අපේගම’ පිහිටි වටිනා ප්‍රදර්ශනාගාරය කෝටි 19කට පවරන්න කැබිනට් පත්‍රිකාවක්..

රටේ පරිපාලන අගනුවර මෙන්ම සීග්‍රයෙන් දියුණුවන නගරයක් වන බත්තරමුල්ල ‘අපේගම’ හි පිහිටි වානිජ වශයෙන් අධික වටිනාකමක් යුකල ‘ලක්සල’ ප්‍රදර්ශනාගාරයය වානිජ කටයුතුවලට කිසිම සම්බන්ධයක් නැති අමාත්‍යාංශයකට රුපියල් මිලියන 190 කට පැවරීමට පසුගිය සතියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබින. 

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) විසින් තම ආයතයේ මුදල් යොදා ඉතා අලංකාර ඉදිකරවන ලද මෙම ගොඩනැගිල්ල වානිජ වශයෙන් ඉතා වටිනාකමකින් යුක්තයි. 

පසුගිය රජය සමයේ යුද්ධය අවසන් වීමත් සමඟ සංචාරක ව්‍යපාරයේ ප්‍රවර්ධනයට අත්‍යවශ්‍ය මෙන්ම, දේශිය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදනයන් අලෙවි කිරීමට තුලින් ග්‍රාමීය කර්මාන්ත කරුවාට හොඳ ආදායමක් ලබාදීමට මෙන්ම ශ්‍රීලංකිය සංස්කෘතිය හා අනන්‍යතාව සංචාරකයන් හරහා ජාත්‍යන්තරයට ගෙන යාම මෙහි අරමුණ විය.

ලක්සල අලෙවි ජාලය පුලුල් කරමින් සංචාරකයන් මෙන්ම පාරිභෝගිකයන් ආකර්ශනය කිරීමට, වානිජ වැදගත්කම ඇති සංචාරකයන් බහුලව ගැවසෙන ස්ථානවල ප්‍රදර්ශනාගාරය ඉදිකල අතර මෙවැනි අලුතින් ප්‍රදර්ශනාගාර ගාල්ල නගර මාධ්‍යයේත්, කොළඹ කටුගේ පරිශ්‍රයේත්, පේරාදෙණිය උද්භිද් උද්‍යානයේත්, බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේත්, මොරටුව කටුබැද්ද ගාලු පාරෙත් මහින්ද රාජපක්ෂ යුගයේ ඉදිකරන ලදි.

එම වකවානුවේදී මෙසේ ඉදිකල ඉතා වටිනාකමක් යුක්ත මෙම ප්‍රදර්ශනාගාරය විකුණා දැමීමට හේතුව මේ වනවිට ශිල්පීන්ට ඔහුන්ගේ මිලදිගත් භාණ්ඩ සඳහා මුදල් ගෙවීමටත් සේවකයින්ට පඩි ගෙවීමටටත් නොහැකි බව පැවසුවත් 2008 වනවිට බංකොලොත් තත්ත්වයට පත්ව තිබු ලක්සල 2014 වන විට ලාබ ලබමින් තිබු බවත්, ලක්සල සතු වටිනා ගොඩනැගිලි විකිණීම පිටුපස ලක්සල පුද්ගලික අංශය විකුණා දැමීමේ පලමු පියවරක් ලෙසත් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ මෙන්ම සේවකයින්ගේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad