ලංගමයට අයවැයෙන් කෝටි 1900ක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 24, 2016

ලංගමයට අයවැයෙන් කෝටි 1900ක් ඉල්ලයි

ලංගමයට අයවැයෙන් කෝටි 1900ක් ඉල්ලයි

ලබන වසර ඇතුළත ලංගම සේවකයින්ට වැටුප් ගෙවීමට හා ලංගමය නඩත්තු කිරීමට ආසන්න වශයෙන් රුපියල් කෝටි 1,900ක මුදලක් අවශ්‍යය වුවද, ලංගමයට වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 800කට ආසන්න මුදලක් බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ලංගම සේවකයන්ට වැටුප් ලබාදීම හා ලංගමය නඩත්තු කිරීම ලබන වසර තුලදී දැඩි අර්බුදයකට ලක්වන කාරණයක් බවයි.

රටේ ප්‍රවාහන සේවය දියුණු කරන බවට ආණ්ඩුව පොරොන්දු ලබාදුන්නද මෙවර අයවැය තුළින් ප්‍රවාහන අමාත්‍යංශයට වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 6500ක මුදලක් පමණක් බවද ඔහු කියාසිටියේය.

එම මුදල සිවිල් ගුවන් සේවාව, මෝටර් රථ ප්‍රවාහන සේවය, පෞද්ගලික බස් හා ත්‍රී රෝද රථ නියාමනය, දුම්රිය සේවයට හා ලංගමයට යන සියල්ලට යෙදවිය යුතුව ඇති බවද සේපාල ලියනගේ මහතා පැවසීය.

මේ හේතුවෙන් ලංගමය තරමකින් හෝ පවත්වාගෙන යාමට අවශ්‍යය මුදල ලබාගැනීම සඳහා බලධාරීන් සමඟ මුලින්ම සාකච්ඡා පවත්වන බවත්, එම ක්‍රියාවලියට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත්කරන බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad