රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය 17දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 13, 2016

රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය 17දා

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින් පිළිබඳ සංගණනය ලබන 17වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරෙන මෙම සංගණනය සෑම වසර 04කට වරක් පැවැත්වේ.

සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන මෙම සංගණනය පිළිබඳ තොරතුරු එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඇතුළත් කොට ඇති අතර සංගණනයට පෙර එම අදාළ තොරතුරු පරිශීලනය කොට නොවැම්බර් මස 17 වැනි දින පෙ.ව. 9.30ත් පෙ.ව. 11.30ත් අතර දක්වා කාලය අතරතුර සංගණන ප්‍රශ්නාවලිය නිවැරදිව සම්පූර්ණ කොට මෙම සංගණනය සාර්ථක කර ගැනීමට සහාය වන ලෙස ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයන්ගෙන් ඉල්ලා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad