සැමියා රට සිටියදී 15 වියැති හිමියන්ගේ සිවුරු අරවා පවුල් කෑ 35 වියැති “සුදු හංසී“ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

සැමියා රට සිටියදී 15 වියැති හිමියන්ගේ සිවුරු අරවා පවුල් කෑ 35 වියැති “සුදු හංසී“

වයස අවුරුදු 15ක දරුවකු සමග පවුල් කමින් සිටි 35 හැවිරිදි දෙදරු මවක් අවිස්සාවේල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනියම් සැමියා ලෙස පවුල් කමින් සිටි බාල වයස්කාර දරුවා සාමණේර හිමිනමක්ව සිටියදී සිවුරු අරවා ඇත්තේ අදාළ කාන්තාව ‘සුදු හංසි’ නමින් ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින්ය. ඇය ඒ ඔස්සේ මෙම සාමණේර හිමිනම සමග සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

අවුරුදු 05 සහ 09 වයස්වල පසුවන දියණියන් දෙදෙනකුගේ මවක් වන ‘සුදු හංසි’ අවිස්සාවේල්ල, උඩුවිල ජනපදය ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෙම කාන්තාවගේ සැමියා විදෙස් රටක රැකියාවක සේවය කරන බවයි වාර්තා වන්නේ.

2015 වසරේ අග කාලයේදී මුහුණු පොතෙන් දඹුල්ල ප්‍රදේශයේ පන්සලක සාමණේර හිමිනමක් හඳුනාගෙන මාසයක් දෙකක් පමණ දුරකතනයෙන් ‍කතාබහකොට පසුව සාමණේර හිමිව සජීවීව දැක ගැනීමට නොඉවසිල්ලක් ඇතිවූ නිසා පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනි දින තම දියණියන් දෙදෙනාද රැගෙන දඹුල්ල පන්සලට ගිය බවයි සැකකාර කාන්තාව පවසා ඇත්තේ.

එදින රාත්‍රිය විහාරයේ වන්දනාකරුවන් නවාතැන් ගන්නා ශාලාවක ගත කර ඇති ඔවුන් පසුදින පාන්දර නිවෙස බලා යෑමට සැරසී ඇත්තේ තමන් සමඟ ජීවත් වන්නට පැමිණෙන ලෙස සාමණේර හිමිගෙන් ඉල්ලීමක් කරමින්. ඊට පසු දිනම සාමණේර නම දඹුල්ලේ සිට දෙහිඕවිට ප්‍රදේශයේ ‘සුදු හංසි’ගේ කුලී නිවෙසට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

එදින සිට මාස 06ක් පමණ ‘සුදු හංසි’ ඔහු සමඟ අඹු සැමියන් ලෙස ජීවත්ව ඇත්තේ ඔහු තමන්ගේ බාල සහෝදරයා ලෙස සමාජයට හඳුන්වා දෙමිනුයි. එහෙත්, එය එසේ නොවන බව අසල්වැසියන්ට හැඟී ගියෙන් තෙවතාවක්ම කුලී නිවෙස් මාරු කිරීමට ඔවුන්ට සිදුව තිබෙනවා.

හය මාසයක් පමණ ඇය සමඟ ජීවත් වෙද්දී ඇයට තවත් අනියම් සබඳතා ඇති බවත් නිතර නිතර ඇය ජංගම දුරකතනයේම රැඳී සිටීමත් ඉවසා ගත නොහැකි වූ ඔහු අවිස්සාවේල්ල නගරයේ හෝටලයක සේවයට ගොස් වෙනම ජීවත්ව තිබෙනවා.

මේ අතර සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයට යන ‘සුදු හංසි’ නැවතත් ඔහු හමුවී පවසා ඇත්තේ ඇයට ඔහුව නොදැක සිටීමට නොහැකි බැවින් එම කර්මාන්ත ශාලාවෙම රැකියාවට එන ලෙසයි. එහි රැකියාවට ගිය ඔහුට ඇයගේ නොමනා හැසිරීම් බලා සිටීමට නොහැකිව සේවය නිම කර කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන බසයෙන් බැස ඇය නිවෙසට යන මඟ රැක සිට ඇයට පහරදී තිබෙනවා.

පහර කෑමෙන් පසුව අවිස්සාවේල්ල පොලිසියට පැමිණි ඇය තමන්ට තමාගේ ස්වාමිපුරුෂයා පහර දුන් බවට පැමිණිලි කිරීමෙන් පසු ඔහු බාල වයස්කාර දරුවෙක් බව පොලිසියට හැඟී ගොස් ප්‍රශ්න කිරීමේදී සිදුවූ සියල්ල හෙළිව තිබෙනවා.

බාල වයස්කරුවකු අඹු සැමි ඇසුරකට පොලඹවා ගැනීම, බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම යන චෝදනා මත අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදාහැර තිබෙනවා. දෙසැම්බර් මස 06 වැනි දින පරිවාස වාර්තාවක් කැඳවීමට නැවතත් අධිකරණයේ පෙනී සිටින ලෙස චීවරයෙන් මිදී ‘සුදු හංසි’ සමඟ පවුල් කෑමට ආ දරුවාට නියම කර තිබෙනවා
.

No comments:

Post a Comment

Post Bottom Ad