සන්ධානයේ පක්‍ෂ 11ක් මෛත‍්‍රී අතහැර මහින්දගේ අලූත් පක්‍ෂයට එයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගොනැගෙමින් ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට මෙතෙක් එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයට සහාය දැක්‌වූ පක්‍ෂ 11ක්‌ සාකච්චා කරමින් සිටිතැයි වාර්තා වෙයි.

සුළු ජාතික පක්‍ෂ කිහිපයක්‌ මෙසේ සාකච්චා කරමින් සිටින දේශපාලන පක්‍ෂ අතර වෙයි. මේ වන විටත් මෙම දේශපාලන පක්‍ෂ හිටපු ඇමැතිවරයකු සමග වෙන වෙනම සාකච්ඡා කර ඇති අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ චීන සංචාරයෙන් පසු අවසන් තීරණය ගනු ඇතැයිද වාර්තා වෙයි.

මොවුන් මෙසේ නව දේහපාලන ව්‍යාපාරය හා එක්වීමට තීරණය කර ඇත්තේ ඉදිරි මැතිවරණ ජය ගැනීම සදහා සන්ධානයට වැඩපිලිවෙලක් නොවීම, නිසි ලෙස පක්‍ෂ නායක රැස්‌වීම් නොපැවැත්වීම, සන්ධානයේ අභ්‍යන්තර ගැටලු විසඳීම ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙනි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment