අලුත් පක්‍ෂයට සන්ධානයේ පක්‍ෂ 11ක්‌ එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 20, 2016

අලුත් පක්‍ෂයට සන්ධානයේ පක්‍ෂ 11ක්‌ එයි

අලුත් පක්‍ෂයට සන්ධානයේ පක්‍ෂ 11ක්‌ එයි

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට සහාය දැක්‌වූ දේශපාලන පක්‍ෂ 11 ක්‌ ඉන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්‌වීමට මේ වනවිට රහසිගතව සාකච්ඡා වට කිහිපයක්‌ම පවත්වා ඇතැයි වාර්තාවේ.

මෙම පක්‍ෂවලින් අති බහුතරයක්‌ ලියාපදිංචි දේශපාලන පක්‍ෂ වන අතර දෙමළ හා මුස්‌ලිම් පක්‍ෂ කිහිපයක්‌ ද ඒ අතර වෙයි.

පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු මෙම පක්‍ෂ සමග වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබේ. පොදුජන පෙරමුණට එක්‌වීම සම්බන්ධයෙන් අවසන් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ චීන සංචාරයෙන් පසුව ගැනීමට නියමිත බව අාරාංචි මාර්ග පවසයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට කිසිදු වැඩපිළිවෙළක්‌ නොවීම, පක්‍ෂ නායක රැස්‌වීම් නිසි පරිදි නොපැවැත්වීම සන්ධාන අභ්‍යන්තර ගැටලු විසඳීමට නායකයන් කටයුතු නොකිරීම ඇතුළු හේතු ගණනාවක්‌ මෙම පක්‍ෂ සංධානයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සාමාජිකයන්ව සිටි වාමාංශික පක්‍ෂ රැසක්‌ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දැක්‌වීමට මේ වනවිට තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad