ජාතික හැඳුනුම්පත් 1,050ක් අම්බලන්තොට බැමිණියන්විල පොළොව යටින් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

ජාතික හැඳුනුම්පත් 1,050ක් අම්බලන්තොට බැමිණියන්විල පොළොව යටින් හමුවෙයි


අම්බලන්තොට බැමිණියන්විල, නුගසෙවණ ප්‍රදේශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක පස් කපමින් තිබූ බැකෝ යන්ත්‍රයකට මීට වසර ගණනාවකට ඉහත පස් යට වළදමා සඟවා තිබූ ජාතික හැඳුනුම්පත් 1,050ක් හමුවී තිබේ.
උහපිටගොඩ ග්‍රාමසේවා වසමට අයත් ඩී. 3 ඇළ මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයේ වාරි මාර්ග නඩත්තු කටයුතු සඳහා පස් කපමින් සිටි බැකෝ යන්ත්‍රයකට ඊයේ (21දා) පස්වරුවේ කළුපාට ඉටිකොළ බෑග් කිහිපයක් හමු වූ බව බැකෝ යන්ත්‍රයේ රියැදුරු පේදුරු ආරච්චිගේ චන්ද්‍රසිරි මහතා පැවැසීය.


පසුව බැකෝ යන්ත්‍රයෙන් බැස බෑග් පරීක්ෂා කිරීමේදී ජාතික හැඳුනුම්පත් විශාල සංඛ්‍යාවක් තිබෙනු දැක ඒ බව ඉන්ජිනේරුවරයාට දන්වා ඇත.

එම දැනුම් දීමෙන් පසු උහපිටගොඩ ග්‍රාම නිලධාරි ඒ. කේ. නුවන් චන්දන මහතාට දන්වා පසුව පොලිසියට දැන්වීමෙන් පසු ජාතික හැඳුනුම්පත් තොගය අම්බලන්තොට පොලිසිය සිය භාරයට ගෙන ඇත.

ජාතික හැඳුනුම්පත්, කාර්යාල හැඳුනුම්පත් 1,050 මෙහි වළලා තිබූ බව අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් ඒවා ගණන් කිරීමෙන් පසු තහවුරු වී තිබේ. ඇතැම් ඒවා හඳුනා ගැනීමට හා නම් පැහැදිලිව දක්නට ඇත. බොහෝ හැඳුනුම්පත් මාමඩල, බැමිණියන්විල, හංගන්වගුර, ජන්සගම, වලවෙවත්ත යන ලිපිනයන්ගේ බව හැඳුනුම්පත් පරීක්ෂා කිරීමේදී හෙළිවිය.

සිද්ධිය සම්බන්ධව බැකෝ යන්ත්‍රයේ රියැදුරාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගත් අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

No comments:

Post a Comment

Post Bottom Ad