මාස 09ට බිලියන 898ක් ණය අරන්.. දවසට කෝටි 330ක් ණය වෙලා.. මේ වසරේ පමණක් ණය රුපියල් ටි‍්‍රලියනය පනී.. මහ බැංකු වාර්තා මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 28, 2016

මාස 09ට බිලියන 898ක් ණය අරන්.. දවසට කෝටි 330ක් ණය වෙලා.. මේ වසරේ පමණක් ණය රුපියල් ටි‍්‍රලියනය පනී.. මහ බැංකු වාර්තා මෙන්න..

2016 වසරේ තුන්වැනි කාර්තුව නිමවෙද්දී මෙරට සම්පුර්ණ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 9402ක් යයි ශ‍්‍රි ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික විවරණය හෙලි කරයි.

2015 වසර අවසන් වෙද්දී මෙරට සමස්ථ ණය ප‍්‍රමාණය වූයේ රුපියල් බිලියන 8503.2 කි. එනම් 2016 වසරේ මුල් මාස 09ක කාලයේදී පමණක් රජය ගෙන ඇති ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 898.8කි. දිනකට රුපියල් බිලියන 3.3ක් (කෝටි 330ක්) පමණ ණය වී ඇත.

පවතින තත්වය මත මේ වසර අවසන් වන විට 2016 වසරේදී පමණක් ලබා ගන්නා ණය ප‍්‍රමාණය රුපියල් බිලියන දහස (රුපියල් ටි‍්‍රලියනය) ස්ථිරවම ඉක්මවා යනු ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad