රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 07 ක ජල කප්පාදුවක්…

අත්‍යවශ්‍ය ජලනල නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට(30) රාත‍්‍රී 10යේ සිට පසුදා අළුයම 05 දක්වා පැය 07ක කාලයක් රාජගිරිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල කොස්වත්ත සහ බණ්ඩාරනායකපුර යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප‍්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගවලද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment