අජන්ත මේන්ඩිස්ගේ වාර්තාවක් වසර 07 කට පසු කුසල් මෙන්ඩිස් බිඳ හෙළයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 28, 2016

අජන්ත මේන්ඩිස්ගේ වාර්තාවක් වසර 07 කට පසු කුසල් මෙන්ඩිස් බිඳ හෙළයි..

සිම්බාබ්වේහි පැවති තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් යොවුන් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රීකට් වාර්තාවක් පිහිටුවිමට සමත් විය..

ඒ එක්දින කි‍්‍රකට් තරගාවලියක තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් ලාබාලතම ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත් වෙමිනි. 2008 වසරේ පැවති ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී තරගාවලියේ වීරයා සම්මානය දිනාගාගත් 23 වියැති දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් මෙම වාර්තාවේ හිමීකරුවා වි සිටියේය.


එ අනුව ශ්‍රී ලංකා සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් එක්දින තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගනිමින් 21 හැවිරිදි කුසල් මෙන්ඩිස් එම වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් විය.


1) කුසල් මෙන්ඩිස්- වසර 21 දින 300යි – Zimbabwe tri series 2016
2) අජන්ත මෙන්ඩිස්- වසර 23 දින 117 – Asia cup 2008
3) ලහිරු තිරිමාන්න- වසර 24 දින 184 – Asia cup 2014
4) මාවන් අතපත්තු- වසර 25 දින 271 – Emirates tri series 1998
5) සනත් ජයසූරිය- වසර 26 දින 260 – Cricket world cup 1996
6) සනත් ජයසූරිය – වසර 27 දින 332 – Independence cup 1997
7) මහේල ජයවර්ධන- වසර 28 දින 74 – Indian oil cup 2005
8) රොෂාන් මහානාම- වසර 29 දින 142 – Singer tri series 1995

No comments:

Post a Comment

Post Bottom Ad